සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපිරි ප‍්‍රීමියෝ මෝටර් රථයක් සමගින් වැගන්ආර් රථ දෙකක් මෙවර සංවර්ධන ලොතරැයියෙන්

01-May-2018

දිනෙන් දින වෙනස් වූ තෑගි රටාවන් සමගින් ඔබ අතරට එන සංවර්ධන ලොතරැයිය ඔබ වැය කරන පුංචි රුපියල් විස්ස නැවතත් ඔබටම තෑගි කරන්නේ විශේෂ දිනුම් ඇදීම්ද පවත්වමිනි. එදිනෙදා සිදුකරන දිනුම් ඇදීම් මෙන්ම විශේෂ දිනුම් ඇදීම් හරහාද ඔබට වැඩි වැඩියෙන් වාසනාව රැගෙන එන සංවර්ධන ලොතරැයිය පසුගියදා පැවැත්වූ කෝටිපති ශනිදා 278 වන වාරයේදී ඔබ වෙත සුවිශේෂී වූ තෑගි රැසක් දිනා දෙන ලදී.

එහි ප‍්‍රථම ත්‍යාගය වූ රුපියල් ලක්ෂ 84ක් වටිනා ප‍්‍රිමියෝ මෝටර් රථ බේරුවල ආර්.එෆ්.අරූස් මහතා විසින් දිනාගත් අතර එම වාසනාවන්ත ටිකටිපත අලෙවි කළේ කිතුලාවල මහින්ද එස් කෝනගේ මහතා විසිනි. මෙම සුපිරි ප‍්‍රථම ත්‍යාගයට අමතරව දෙවන ත්‍යාගය වූ වටිනා වැගන් රථ දෙකක්ද ඔබට තිළිණ කරන්නට කෝටිපති ශනිදා විශේෂ දිනුම් ඇදීමේදී හැකියාව ලැබුණි. එහිදී එක් වැගන්ආර් රථයක් පුත්තලම එන්.එම් රුක්මල් මහතා විසින් දිනාගත් අතර එම වාසනාවන්ත ටිකට්පත අලෙවි කළේ මැල්ලම්කුලම ඩබ්.සම්පත් සංජීව මහතා විසිනි. අනෙක් වැගන්ආර් රථයක් පිළියන්දල එන්.ඩබ් ප‍්‍රනාන්දු මහත්මිය විසින් දිනාගත් අතර ඇයට එම වාසනාව අලෙවි කර තිබුණේ ගනේමුල්ල අලෙවි නියෝජිත ඩී. ඩී.එස් නිලංග මහතා විසිනි.

මෙම සුපිරි ජයග‍්‍රාහකයන්ට හා තවත් ජයග‍්‍රාහකයින් 16 දෙනෙක්ට අදාළ මුදල් චෙක්පත් ප‍්‍රදානය 2018.04.26 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති එස්.ඒ.පී සුරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතාගේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ‍්‍රයේදී සිදුවිය.

ඔබේ ජීවිතයේ ඔබ දකින සිහිනයන් කිසිදු ආයාසයකින් තොරව ඔබේ අතටම ගෙනවිත් දෙන සංවර්ධන ලොතරැයිය වැඩි වැඩියෙන් මිළදී ගන්නා ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙම අවස්ථාවේදී ඉල්ලා සිටියේය.


සංවර්ධන වාසනාව මැයි 21 වනදා සිට  නව මුහුණුවරකින් වෙළදපලට
ලග්නයේ වාසනවෙන් සුපිරි ජයමල්ල දිනූ ජයග‍්‍රාහකයාට සහ තවත් ලක්ෂපතියන් 21 දෙනෙක්ට සංවර්ධන ලොතරැයියෙන් මුදල් ත්‍යාග
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 6 වන අලෙවි නියෝජිත හමුවත් සාර්ථක නිමාවකට