සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 6 වන අලෙවි නියෝජිත හමුවත් සාර්ථක නිමාවකට

16-May-2018

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දිවයින පුරා පවත්වමින් යන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ 06 වන රැස්වීම පසුගිය මැයි 12 වන දින මහනුවර මහවැලි රීච් හෝටල් පරිශ‍්‍රයේදී පවත්වන ලදී. මහනුව,මාතලේ ,කෑගල්ල යන දිස්ත‍්‍රික්කයන්හි අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වන ලද මෙම රුස්වීම සදහා අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් 300 ක පමණ පිරිසක් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමා ඇතුලු නිළධාරීන් සහභාගී විය. සංවර්ධන ලොතරැයියේ අභිවෘද්ධිය උදෙසාත්  අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතය නගා සිටුවීම උදෙසාත් ගත යුතු කි‍්‍රයාමාර්ග පිලිබදව මෙහිදී සාකච්ජා කෙරුණු අතර මේ වනවිට මහනුවර,මාතලේ හා කෑගල්ල යන දිස්ති‍්‍රක්කයන් ලොතරැයි  අලෙවියෙහි හිමිකරගෙන සිටින ස්ථානයන්ද විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන ලදී. එහිදී අලෙවියෙහි සාධනීය මට්ටමක් පෙන්නුම් කළ අලෙවි නියෝජිත නියෝජිතවරියන් අගයමින් ඔවුන් සදහා මුදල් ත්‍යාග හා සහතික පත‍්‍ර ප‍්‍රදානය සිදුවිය. විශේෂයෙන්ම දිවයිනේම ටිකට්පත් අලෙවියෙහි පළමු ස්ථානය ලබාගෙන විශිෂ්ට අලෙවියක් පෙන්නුම් කරන ඩබ් ඒ ඇලෙඩින් පෙරේරා මහතාගේ සේවය අගයමින් ඔහු වෙත සමරු සිහිවටනයක් හා මුදල් ත්‍යාගද පිරිනමන ලදී. තවද දිවයිනේම අලෙවියෙන් තෙවන ස්ථානය ලබා ගෙන සිටින ඩබ් එච් ජී පීරිස් මහත්මයාට හා 7 යන ස්ථානය ලබා ගෙන සිටින එම්.ආර්.ඒ.පී. සැම්සන් මණිතුංග මහතාටද මුදල් ත්‍යාග ප‍්‍රදානය කරන ලදී.මෙම ත්‍යාග ප‍්‍රදානයන්ට අමතරව දිස්ති‍්‍රක්ක වශයෙන් වැඩිම අලෙවියක් පෙන්නුම් කරන අලෙවි නියෝජිත මහත්ම මහත්මින් සදහාද මුදල් චෙක්පත් ප‍්‍රදානය හා සෙසු සියලු අලෙවි නියෝජිත නියෝජිතවරියන් සදහා ත්‍යාග ප‍්‍රදානය සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

විශේෂයෙන්ම අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ ගැටලු හා ඔවුන්ගේ යෝජනා චෝදනා සදහා විවෘත වේදිකාවක් මෙම හමුවේදී ලබා දුන් අතර එම ගැටලු සදහා පිලිතුරු ලබාදීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමන් ඇතුලු නිළධාරී මණ්ඩලය විසින් සිදු කරන ලදී.


‘සංවර්ධන වාසනාව’ කෝටි තුන ඉක්මවූ ජයමල්ල දිනාගත් කෝටිපතියාට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ත්‍යාග
අනුරාධපුර ආබාධිත අලෙවි සහයකයින්ටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ට‍්‍රයිසිකල්
‘අද කෝටිපති’ බිහිකළ අට වන කෝටිපතියාට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ත්‍යාග