සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන වාසනාව මැයි 21 වනදා සිට  නව මුහුණුවරකින් වෙළදපලට

17-May-2018

වසර තිස් පහක අඛණ්ඩ විශ්වාසයේ සාඩම්බර හිමිකරුවා වන සංවර්ධන ලොතරැයිය තම ලොතරැයි පවුලේ දැවැන්තයෙක් වන සංවර්ධන වාසනාව ලොතරැයිය නව මුහුණුවරකින් වෙළදපළට නිකුත් කිරීමට තීරණය කර ඇත. සංවර්ධන ලොතරැයියේ අනන්‍යතාවය තහවුරු කරමින් කා අතරත් වඩාත් ජනප‍්‍රියත්වයට පත්ව සිටින සංවර්ධන වාසනාවට නව මුහුණුවරක් ලබා දෙන ගමන්ම ආකර්ෂණීය තෑගි රටාවන්ද සමගින් ඔබ අතරට ගෙන එන්නට සංවර්ධන ලොතරැයිය කටයුතු සූදානම් කර ඇත.

වාසනාවෙන් අලුත් වුණ සංවර්ධන වාසනාව නවතම ලොතරැයිපත එළබෙන මැයි21 වන දින වෙළදපලට නිකුත් කිරීමට නියමිතය. එම නවතම ලොතරැයි පතෙහි ප‍්‍රථම දිනුම් ඇදීම 2018 ජූනි මස 14 වන බ‍්‍රහස්පතින්දා දින සිදුකරනු ලබන අතර එදින සිට සෑම බ‍්‍රහස්පතින්දා හා සෙනසුරාදා දිනකම සංවර්ධන වාසනාව දිනුම් ඇදීම් සිදුකරනු ලබයි.

විශේෂයෙන්ම ඔබගේ දෛව අංකයට හිමි වාසනාව උරගා බැලීමටද මෙම ලොතරැයියෙන් අවස්ථාව හිමිකර දී ඇත. මේ මගින් දෛව අංකය ලෙස එක් අංකයක්ද තවත් ජය අංක 3 ක් ද ඉංග‍්‍රිසි අක්ෂරයක්ද තෝරාගනු ලබයි. එම අංක ඔබ මිලදී ගන්නා ටිකට්පතෙහි සදහන් අංක සමග ගැලපීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට ඔබට අවස්ථාව හිමි වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ කුමන ආකාරයකට ඔබගේ අංක ගැලපුණත් තෑගි දිනා ගැනීමට ඔබට අවස්ථාව හිමි වීමයි.

මේ ආකා‍රයෙන් ඔබට වාසනාව රැගෙන එන සංවර්ධන වාසනාව නවතම ලොතරැයිපත මිළදී ගන්නා ඔබට තවත් රුපියල් විස්සේ සිට ලක්ෂ ගණන් පසු කරමින් කෝටියක ජයමල්ලක් දක්වා ගමන් කිරීමට අවස්ථාව සැලසේ.

සංවර්ධන වාසනාව නවතම ටිකට්පත සමගින් ගෙන එන එම නැවුම්  ජයමල්ලදිනා ගැනීමට ඔබත් වැඩි වැඩියෙන් සංවර්ධන වාසනාව ඔබේ වාසනාවන්ත දෑතින් මිළදී ගන්න.


ලග්නයේ වාසනවෙන් සුපිරි ජයමල්ල දිනූ ජයග‍්‍රාහකයාට සහ තවත් ලක්ෂපතියන් 21 දෙනෙක්ට සංවර්ධන ලොතරැයියෙන් මුදල් ත්‍යාග
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 6 වන අලෙවි නියෝජිත හමුවත් සාර්ථක නිමාවකට
සුපිරි ප‍්‍රීමියෝ මෝටර් රථයක් සමගින් වැගන්ආර් රථ දෙකක් මෙවර සංවර්ධන ලොතරැයියෙන්