සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිල ප‍්‍රතිඵල එසැණින් ඔබේ අතටම

30-May-2018

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිල ප‍්‍රතිඵල එසැණින් ඔබේ අතටම

තාක්ෂණයත් සමගින් නව ලොවට පිවිසෙන ඔබේ ජීවන ගමනෙහි පහසුව උදෙසා ශි‍්‍ර ලංකා ලොතරැයි ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ලොතරැයි නිල ප‍්‍රතිඵල ඔබේ ජංගම දුරකථනයට ලබා දීමට සංවර්ධන ලොතරැයිය මණ්ඩලය සැලසුම් කර ඇත. දෛනික කාර්යබහුලත්වය තුළ සියල්ල ජංගම දුරකථනයෙන් සැලසුම් කර ගැනීමට හුරුවූ ඔබට, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනපතා දිනුම් අදිනු ලබන ලොතරැයි  ප‍්‍රතිඵලද එසැණින්  ඔබේ අතටම ගෙන්වා ගන්නට  දැන් හැකියාව ඇත.

ඒ අනුව  මැයි 24 වනදා සිට එදිනෙදා දිනුම් අදිනු ලබන සෑම ටිකට්පතකම ජය අංක ඇතුළත් ප‍්‍රතිඵල ඔබ ලංකාවේ කොතනක සිටියත් ඔබේ ජංගම දුරකථනයට ලබා දීමේ පහසුකම දැන් ක‍්‍රියාත්මක කර  ඇත.

ලොතරැයි දිනුම් ඇදිම අවසන් වූ සැණින් වාසනාවේ පණිවිඩය රැගත් නිල ප‍්‍රතිඵල නිරතුරු ඔබ අතරැදි ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබ කළ යුත්තේ  ඔබේ DIALOG  ජංගම දුරකථනයෙන් DLB ලෙස ටයිප් කර 7272 ට කෙටි පණිවිඩයක් යැවීම පමණයි.

 එතැන් සිට ඔබ ලංකා‍වේ කුමන ස්ථානයක සිටියත් සංවර්ධන ලොතරැයිය ගෙන එන වාසනාවට ඔබ උරුමකම් කියනවාද යන්න එම කෙටි පණිවිඩය හරහා ක්ෂණිකව තහවුරු කරගත හැකිය.

බොහෝ විට දිනුමක් හිමි වුවත් එය පරීක්ෂා කර ගැනීමට අවස්ථාවක් නොලැබීම නිසා බොහෝ ජයග‍්‍රාහකයින්ට එම අවස්ථාව මගහැරෙන බැවින් මෙම ක්ෂණික ලොතරුයි ප‍්‍රතිඵල සේවාව ඔබ වෙත රැගෙන එන්නේ ඔබේ ජයග‍්‍රහණය තවදුරටත් තහවුරු කිරීම සදහා බව සංවර්ධන ලොතරැයිය මණ්ඩලය සාදරයෙන් දන්වා සිටී. 

එබැවින් ඔබත් මෙම ක්ෂණික සේවාව ලබා ගැනීම සදහා මැයි 24 වන දා සිට ඕනෑම මොහොතක අදාල කෙටි පණිවුඩය යොමු කර ලියාපදිංචි වී එම සේවාවේ හිමිකරුවකු වන ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඔබට ආරාධනා කරයි.


‘සංවර්ධන වාසනාව’ කෝටි තුන ඉක්මවූ ජයමල්ල දිනාගත් කෝටිපතියාට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ත්‍යාග
අනුරාධපුර ආබාධිත අලෙවි සහයකයින්ටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ට‍්‍රයිසිකල්
‘අද කෝටිපති’ බිහිකළ අට වන කෝටිපතියාට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ත්‍යාග