සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ආබාධිත අලෙවි සහයකයින් හට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ට‍්‍රයිසිකල්

21-June-2018

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය ගෙන එමින් ශක්තියක් වන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් හා අලෙවි සහයකයින් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය දියත් කරමින් යන වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් පසුගියදා  සාර්ථකව නිමාවට පත්විය.

 එය සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග අත්වැල් බැදගෙන සිටින ආබාධිත අලෙවි සහයකින් සදහා සුදුසු ට‍්‍රයිසිකල් ලබාදුන් දෙවන අවස්ථාවයි.

පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ විවිධ ආබාධ සහිත අලෙවි සහයකයින් 05 දෙනෙක් සදහා පහසුවෙන් ලොතරැයි අලෙවි කටයුතුවල නිරත විය හැකි ආකාරයෙන් සකස් කරන ලද වටිනා ට‍්‍රයිසිකල් පහක් ප‍්‍රදානය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා කි‍්‍රයාකාරි අධ්‍යක්ෂ එච්.ආර් විමලසිරි මහතාගේ සහභාගීත්වයෙන් පොලොන්නරුව දිස්ති‍්‍රක් නියෝජිත කාර්යාල පරිශ‍්‍රයේදී සිදු කරන ලදී.

ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලයට එළිය ගෙන එන අලෙවි නියෝජිතයින් හා අලෙවි සහයකයින් ඇගයීම හා ඔවුන්ට ශක්තියක් වීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණ බවත් ඉදිරියේදී මෙම වැඩසටහන  දිවයිනේ තවත් දිස්ති‍්‍රක්කයන්හි ක‍්‍රියාත්මක කරන බවත් එම අවස්ථාවට සහභාගී වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතා ප‍්‍රකාශ කරන ලදී


සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ දස ලක්ෂපතියන් තිස් දෙනෙක් සදහා මුදල් ත්‍යාග පිරිනැමේ
වාසනාවේ ප‍්‍රතිඵල දැන් දුරකතනයෙන්
සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2018 වර්ෂයේ මුල් මාස හය ඇතුළත රුපියල් මිලියන  1,200 ක ලාභයක් උපයයි