සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

25-June-2018

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන  සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙහි සාමාන්‍යාධිකාරී ධූරය සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) අනුර ජයරත්න මහතා 2018 ජූනි මස 20 වනදා සිට ක‍්‍රියාත්මක වන පරිදි පත් කර ඇත. අදාළ පත් වීමේ ලිපිය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතා විසින් 2018 ජූනි 22 වන දින පෙරවරුවේදී ලබා දෙන ලදී.

අනුර ජයරත්න මහතා වසර 15 ක කාලයක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා අලෙවි ලෙස කටයුතු කර ඇති අතර මේ වන විට වසර 24 ක අඛණ්ඩ සේවයක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත ලබා දී ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දායකත්වයෙන් ප‍්‍රදානය කරන මහපොළ ශිෂ්‍යත්වය ලබමින් ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිලිබද (විශේෂ) උපාධිය සම්පූර්ණ කළ අනුර ජයරත්න මහතා  පුහුණු කේෂත‍්‍ර නිළධාරියක් ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවයට 1994 වර්ෂයේදී එක්විය.

විශේෂයෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අභිවෘද්ධිය උදෙසා විශාල කාර්ය දායකත්වයක් ලබා දෙන අනුර ජයරත්න මහතා වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස විවිධ අවස්ථාවන්හි කටයුතු කර ඇති  අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලු අංශයන් කෙරෙහි මනා පරිචයක් හා හසල දැනුමක් ඇත්තෙකි.

ලොතරැයි ව්‍යාපාරය පිළිබද දේශීයව හා විදේශීයව අත්දැකීම් රැසක් ලබා ඇති අනුර ජයරත්න මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යධිකාරී ධූරය දක්වා උසස් වීම් ලද ප‍්‍රථම අභ්‍යන්තර නිළධාරියාවේ.


සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ දස ලක්ෂපතියන් තිස් දෙනෙක් සදහා මුදල් ත්‍යාග පිරිනැමේ
වාසනාවේ ප‍්‍රතිඵල දැන් දුරකතනයෙන්
සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2018 වර්ෂයේ මුල් මාස හය ඇතුළත රුපියල් මිලියන  1,200 ක ලාභයක් උපයයි