සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ අවසන් රැස්වීම සාර්ථකව

12-July-2018

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වු අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ අවසාන රැස්වීම පසුගිය ජුලි 08 වන දින බණ්ඩාරවෙල කැන්මාක් හෝටල් පරිශ‍්‍රයේදී පවත්වන ලදී.

නුවරඑළිය බදුල්ල හා මොණරාගල යන දිස්ත‍්‍රික්කයන්හි අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වන ලද මෙම රුස්වීම සදහා අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් 200 ක පමණ පිරිසක් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතා, කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතා හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න ඇතුලු නිළධාරීන් සහභාගී විය.

සංවර්ධන ලොතරැයියේ වර්ධනය උදෙසාත්  අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ වෘත්තීය ජීවිතය නගා සිටුවීම උදෙසාත් ගත යුතු කි‍්‍රයාමාර්ග පිලිබදව මෙහිදී සාකච්ජා කෙරුණු අතර සියලු අලෙවි නියෝජිත නියෝජිතවරියන්ට විවෘතව තම ගැටලු යෝජනා සහ චෝදනා ඉදිරිපත් කිරීමටද එහිදී අවස්ථාව ලබා දුනි. එම ගැටලු සදහා පිලිතුරු ලබාදීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමන් ඇතුලු නිළධාරී මණ්ඩලය විසින් සිදු කරන ලදී.

මෙහිදී නුවරඑළිය බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයන් වල විශිෂ්ඨ අලෙවියක් පෙන්නුම් කළ අලෙවි නියොජිතයන් හට වැඩිම අලෙවියට හා ආසන වශයෙන් වැඩිම අලෙවියන් පෙන්නුම් කළ අලෙවි නියොජිතයන් අගයමින් මුදල් ත්‍යාග පිරිනැමීම හා සෙසු අලෙවි නියොජිතයන්ට ත්‍යාග පිරිනැමීම සභාපති තුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිනි.


සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ දස ලක්ෂපතියන් තිස් දෙනෙක් සදහා මුදල් ත්‍යාග පිරිනැමේ
වාසනාවේ ප‍්‍රතිඵල දැන් දුරකතනයෙන්
සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2018 වර්ෂයේ මුල් මාස හය ඇතුළත රුපියල් මිලියන  1,200 ක ලාභයක් උපයයි