සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

අනුරාධපුර ආබාධිත අලෙවි සහයකයින්ටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ට‍්‍රයිසිකල්

08-August-2018

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හෙට දවස වෙනුවෙන් අද දවසේ තම දායකත්වය සපයන  අලෙවි සහයකයින් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය දියත් කරමින් යන වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් පසුගියදා  සාර්ථකව නිමාවට පත්විය.

 එය සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග අත්වැල් බැදගෙන සිටින ආබාධිත අලෙවි සහයකින්ගේ ජීවන වෘත්තිය නගාසිටුවීම සදහා ට‍්‍රයිසිකල් ලබාදුන් තෙවන අවස්ථාවයි.

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ විවිධ ආබාධ සහිත අලෙවි සහයකයින් 05 දෙනෙක් සදහා පහසුවෙන් ලොතරැයි අලෙවි කටයුතුවල නිරත විය හැකි ආකාරයෙන් සකස් කරන ලද වටිනා ට‍්‍රයිසිකල් පහක් ප‍්‍රදානය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ති‍්‍රක් නියෝජිත කාර්යාල පරිශ‍්‍රයේදී සිදු කරන ලදී.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ නොසැලී සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කෙරෙහි විශ්වාසයෙන් එක්ව සිටින අලෙවි සහයකයින් හට ශක්තියක් වීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණ බවත් ඉදිරියේදී මෙම වැඩසටහන  දිවයිනේ තවත් දිස්ති‍්‍රක්කයන්හි ක‍්‍රියාත්මක කරන බවත් එම අවස්ථාවට සහභාගී වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතා ප‍්‍රකාශ කරන ලදී.


මාසයක් තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ජයග‍්‍රාහකයන් 43 දෙනෙක්
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් කුරුණෑගල දිස්ති‍්‍රක් ආබාධිත අලෙවි සහයකයින්ට ට‍්‍රයිසිකල්
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් සමාජ සත්කාරයක් කළුතරදී