සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා වැඩසටහනට සමගාමීව සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් නව අලෙවි කුටි

04-September-2018

Vision 2025 සහ එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා යන වැඩසටහන් වලට සමගාමීව සංවර්ධන ලොතරැයි මණ්ඩලයද මෙරට ස්වයං රැකියා සදහා අවස්ථාවන් පුලුල් කිරීමේ අරමුණින් අලෙවි කුටි බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මෙරට ලොතරැයි අලෙවියෙහි නිරතව සිටින අලෙවි නියෝජිතයින් හා අලෙවි සහයකයින් දිරි ගන්වන අතරතුර ලොතරැයි අලෙවි ව්‍යාපාරය වඩාත් ආකර්ෂණීය එකක් බවට පත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

ඒ අනුව යමින් දිවයින පුරා විහිදී සිටින 2500 ක් පමණ වන අලෙවි නියෝජිතයින් හරහා ස්වයං රැකියා වර්ධනය කිරීමට ඉහත වැඩසටහන යටතේ අලංකාර ලෙස සැකසූ නව ලොතරැයි අලෙවි කුටි 500 ක් නිෂ්පාදනය කර බෙදා හැරීම මේ වන විටත් ආරම්භ කර ඇත.

එහි මූලික පියවරක් ලෙස ගම්පෙරළිය ප‍්‍රදර්ශනය හා සමගාමීව අලෙවි කුටි 25ක් මොණරාගල හා හම්බන්තොට යන දිස්ත‍්‍රික්වල අලෙවි නියෝජිතයින් වෙත බෙදා දීම 2018 අගෝස්තු මස 30 වන දින සිදුවිය.

එහිදී හම්බන්තොට අලෙවි නියෝජිතයින් සදහා අලෙවි කුටි ප‍්‍රදානය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් බෙලිඅත්ත දිස්ති‍්‍රක් බෙදා හැරීමේ අලෙවි නියෝජිත ජයසේන ගමගේ මහතාගේ කාර්යාල පරිශ‍්‍රයේදී සිදුවිය. එම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ එච් ආර් විමලසිරි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහභාගී විය.

ලොතරැයි ව්‍යාපාරයේ උන්නතිය උදෙසා මෙන්ම ලොතරැයි වෙළෙදපළ වඩාත් ආකර්ෂණීය තැනක් බවට පත් කිරීමේ අරමුණෙන් ගෙන යන මෙම වැඩසටහන හරහා මණ්ඩලයේ මෙන්ම අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේද ජීවිත නගා සිටුවීමත් හෙට දවසේ ලොතරැයි ව්‍යාපාරය කෙරෙහි සුභවාදී දැක්මකින් මෙරට තරුණ ප‍්‍රජාවද ඒ කෙරෙහි යොමුකර ගැනීමත් අපේක්ෂා කරන බව මෙහිදී අදහස් දැක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා සදහන් කළේය.


සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් සමාජ සත්කාරයක් කළුතරදී
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් බදුල්ල දිස්ති‍්‍රක් ආබාධිත අලෙවි සහයකයින්ට ට‍්‍රයිසිකල්
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් අලෙවි සහයක හමුවක් බණ්ඩාරවෙලදී