සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව අලෙවි කුටි ප‍්‍රදානය ගම්පෙරළියේදී

04-September-2018

රජයේ සංවර්ධන සංග‍්‍රාමයට ශක්තියක් වෙමින් දැනට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් කි‍්‍රයාත්මක   Vision 2025 , එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා වැඩසටහන වෙනුවෙන්  ස්වයං රැකියා උත්පාදනය කිරීමටද සංවර්ධන ලොතරැයි මණ්ඩලය පූරෝගාමීත්වය ගෙන ඇත.

ඒ අනුව යමින් දිවයින පුරා විහිදී සිටින 2500 ක් පමණ වන අලෙවි නියෝජිතයින් හරහා ස්වයං රැකියා වර්ධනය කිරීමට ඉහත වැඩසටහන යටතේ අලංකාර ලෙස සැකසූ නව ලොතරැයි අලෙවි කුටි 500 ක් නිෂ්පාදනය කර බෙදා හැරීම මේ වන විටත් ආරම්භ කර ඇත.

එහි මූලික පියවරක් ලෙස ගම්පෙරළිය ප‍්‍රදර්ශනය හා සමගාමීව අලෙවි කුටි 25ක් මොණරාගල හා හම්බන්තොට යන දිස්ත‍්‍රික්වල අලෙවි නියෝජිතයින් වෙත බෙදා දීම 2018 අගෝස්තු මස 30 වන දින සිදුවිය.

එහිදී මොණරාගල අලෙවි නියෝජිතයින් සදහා අලෙවි කුටි ප‍්‍රදානය ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් මොණරාගල  දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය. මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ එච් ආර් විමලසිරි මහතා ඇතුළු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහභාගී විය.


සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් සමාජ සත්කාරයක් කළුතරදී
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් බදුල්ල දිස්ති‍්‍රක් ආබාධිත අලෙවි සහයකයින්ට ට‍්‍රයිසිකල්
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ තවත් අලෙවි සහයක හමුවක් බණ්ඩාරවෙලදී