සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය කී‍්‍රඩා අභිවෘද්ධියට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්  අනුග‍්‍රහයක්

07-September-2018

පුංචි රුපියල් විස්සකට වැඩිම වටිනාකමක් ලබා දෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිරන්තරයෙන් සිදු කරන්නාවූ සමාජ සත්කාරයන් ඔස්සේ එම වටිනාකම තවදුරටත් වර්ධනය කරන ආයතනයකි. ඒ අනුව යමින් පසුගිය සැප්තැම්බර් 04 වන දින ශ‍්‍ර‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය මලල කී‍්‍රඩා අංශය වෙත රුපියල් ලක්ෂයක මුදලක් ප‍්‍රදානය කිරීම සිදුවිය.  

එම අවස්ථාව සදහා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ මහතා සහ ක‍්‍රීඩා භාර අධ්‍යක්ෂකවරිය ඇතුලු කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් සහභාගී විය.

එම චෙක්පත ප‍්‍රදානය වෙනුවෙන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේම ආදි ශිෂ්‍යයන් වන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වර්තමාන සභාපති සේන සූරියප්පෙරුම මහතා සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න යන මහත්වරුන් සහභාගී විය.

මෙරට විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කිරීමට මහපොළ ශිෂ්‍යත්වයට දායකත්වය දැක්වීමට අමතරව මෙවැනි සමාජ සත්කාරයන් ඔස්සේද සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමාජය වෙත තම නොමසුරු දායකත්වය ලබා දෙයි.

 


මත්ද‍්‍රව්‍ය නිවාරණය කිරීමේ ජාතික වැඩසටහනට සංවර්ධන ලොතරැයි මණ්ඩලයත් එකතු වෙයි.

11-April-2019

මත්ද‍්‍රව්‍ය නිවාරණය කිරීමේ ජාතික වැඩසටහනට සංවර්ධන ලොතරැයි මණ්ඩලයත් එකතු වෙයි.

අතිගරු ජනාධිපතිතුමාගේ මෙහෙයවීමෙන්  කි‍්‍රයාත්මක වන මතින් නිදහස් රටක් යන මත්ද‍්‍රව්‍ය නිවාරණය ජාතික වැඩසටහන මේ වන විට දිවයින පුරාම කි‍්‍රයාත්මක කරමින් යනු ලබයි .

මෙම වැඩසටහනට සමගාමීව දිවයිනේ සියලුම ර...

“අද කෝටිපති” සුපිරි ජයමල්ල දිනූ ජයග‍්‍රාහකයින්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් චෙක්පත්

10-April-2019

“අද කෝටිපති” සුපිරි ජයමල්ල දිනූ ජයග‍්‍රාහකයින්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් චෙක්පත්

මේ වන විට කෝටිපතියන් පහළොස් දෙනෙක් බිහිකළ “අද කෝටිපති” ලොතරැයියේ  දාහතර වන සහ පහළොස් වන කෝටිපති ජයග‍්‍රාහකයින්ට හිමි චෙක්පත් ප‍්‍රදානය 2019.04.08 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ  ශ‍්‍රවණාගාරයේදී සිදුවිය.

Read More

විශේෂාංග ලිපි