සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සොෆ්ට් හාට් පදනමෙන් පළමු මෙහෙවරට මුල්ගල තැබේ

14-January-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මුදු හදවත් ඒකරාශීව පිහිටුවන ලද සොෆ්ට් හාට් පදනම තම පළමු සමාජ සත්කාරය සදහා මුල්ගල තැබීම 2019.01.10 දින සිදුකරන ලදී.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග අත්වැල් බැද සිටින අතිශය ජීවන දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන  අලෙවි නියෝජිත,අලෙවි සහයක මහත්ම මහත්මීන් ඇතුළුව ටිකට්පත් මිළදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන්ද පිළිසරණක් වීමේ අරමුණින්  සොෆ්ට් හාට් පදනම ( Soft Heart Foundation ) පිහිටුවා ඇත.

නොයෙක් දානපතියන්ගේ ධන පරිත්‍යාගයන්  ඒකරාශී කර ගනිමින් පිහිටුවා ඇති මෙම පරෝපකාරී පදනමේ ආරම්භක මෙහෙවර ලෙස මොරටුව රාවතාවත්ත අලෙවි නියෝජිත බී.එන්. ඉනෝකා මෙන්ඩිස් මහත්මිය යටතේ සිටින අලෙවි සහයක යුවළක් වන සෝමසිරි මහතා හා එම මහත්මියට නිවසක් සාදා දීමට තීරණය කර ඇත.

අතිශය ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් මෙන්ම නොයෙක් ශාරීරික ආබාධයන්ගෙන්ද පීඩාවිදින මෙම දෙපළ සදහා ජීවත්වීමට සුදුසු මට්ටමේ පරිසරයක් සහිත නිවසක් දැනට නොමැති බැවින් ඔවුන් සදහා නිවසක් සාදා දීමේ උත්සාහයේ මූලිකාරම්භය ඊයේ දින සිදුවිය.

පහළ ඉදිබැද්ද ප‍්‍රදේශයේ ඉදිකරණු ලබන මෙම නව නිවස සදහා මුල්ගල තැබීම සිදුකළ එය සති දෙකක කාලයක් ඇතුළත සාදා නිමකිරීමට සැලසුම් කර ඇත. මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (විගණන) වසන්ත සේනාධීර මහතා  කලාප කළමනාකරුවන් වන චින්තක අයිලප්පෙරුම මහතා, මලින්ද බලගල්ල මහතා ඇතුළු නිළධාරීන් සහභාගී විය.


මත්ද‍්‍රව්‍ය නිවාරණය කිරීමේ ජාතික වැඩසටහනට සංවර්ධන ලොතරැයි මණ්ඩලයත් එකතු වෙයි.

11-April-2019

මත්ද‍්‍රව්‍ය නිවාරණය කිරීමේ ජාතික වැඩසටහනට සංවර්ධන ලොතරැයි මණ්ඩලයත් එකතු වෙයි.

අතිගරු ජනාධිපතිතුමාගේ මෙහෙයවීමෙන්  කි‍්‍රයාත්මක වන මතින් නිදහස් රටක් යන මත්ද‍්‍රව්‍ය නිවාරණය ජාතික වැඩසටහන මේ වන විට දිවයින පුරාම කි‍්‍රයාත්මක කරමින් යනු ලබයි .

මෙම වැඩසටහනට සමගාමීව දිවයිනේ සියලුම ර...

“අද කෝටිපති” සුපිරි ජයමල්ල දිනූ ජයග‍්‍රාහකයින්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් චෙක්පත්

10-April-2019

“අද කෝටිපති” සුපිරි ජයමල්ල දිනූ ජයග‍්‍රාහකයින්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් චෙක්පත්

මේ වන විට කෝටිපතියන් පහළොස් දෙනෙක් බිහිකළ “අද කෝටිපති” ලොතරැයියේ  දාහතර වන සහ පහළොස් වන කෝටිපති ජයග‍්‍රාහකයින්ට හිමි චෙක්පත් ප‍්‍රදානය 2019.04.08 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ  ශ‍්‍රවණාගාරයේදී සිදුවිය.

Read More

විශේෂාංග ලිපි