සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සරසවි වරම් ලද දූපුතුන්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ශිෂ්‍යත්වයක්

21-March-2018

සුවහසක් ශි‍්‍ර ලාංකිකයන්ගේ ජීවිත එළිය කරමින් යන ගමන සමගින් එක්ව සිටින සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජිත නියෝජිතවරියන් වෙනුවෙන් යුතුකම් ඉටුකරන සංවර්ධන ලොතරැයිය ඔවුන්ගේ දූ දරුවන් වෙනුවෙන්ද තම දායකත්වය ලබා දී ඇත. සංවර්ධන ලොතරැයිය සමග එක්ව සිටින අලෙවි නියෝජිත නියෝජිතවරියන්ගේ වටිනා සේවය අගයමින් ඔවුන්ගේ දැනට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දූ දරුවන් 31 ක් දෙනෙක් සදහා ශිෂ්‍යත්වයක් ලබා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇත.

මසකට රු.1500 බැගින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් ලබා දීමට නියමිත මෙම පූර්ණ කාලීන ශිෂ්‍යත්ව ප‍්‍රදානය 2018.03.20 වන දින  සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැඩබලන සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් ලොතරුයි මණ්ඩල පරිශ‍්‍රයේදී සිදුවිය.

ඔබ මිලදී ගන්නා සෑම ටිකට්පතකින්ම නිදහස් අධ්‍යාපනයේ උරැමය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්වයට දායක වන ගමන් මෙවන් සමාජ සත්කාරයන් හරහාද අනාගත පරපුරේ අධ්‍යාපනයට උර දෙන සංවර්ධන ලොතරැයිය තවත් එක් ටිකට්පතක් පමණක්ම නොවන්නේ එබැවිනි. 


සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මෙවර අලුත් අවුරුදු උත්සවය විනෝදාත්මකව අත්දැකීම් රැසක් සමගින් පවත්වන ලදී
කෝටිපති ශනිදාවේ “කෝටිපති අවුරුද්ද” විශේෂ දිනුම් ඇදීම අපේ‍්‍රල් 10 වනදාට
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ රියදුරන්ට එක්දින පුහුණු වැඩමුලුවක්