සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

2026 අගෝස්තු මාසයේ වාසනාව දෝතට ගත් ජයග්‍රාහකයෝ

17-August-2026

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනපතාම බිහිවන ජයග්‍රාහකයින් අතරින් තවත් ජයග්‍රාහකයින් 31 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.08.14 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

එහිදී අදකෝටිපති ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.67,279,192/- දිනූ ජයග්‍රාහකයාටත් ,අදකෝටිපති ලොතරැයියේම සුපිරි ජයමල්ල රු.66,413,278/- දිනූ වාසනාවන්තයාටත්, ලග්න වාසනාවේ සුපිරි ජයමල්ල රු.7,774,204/- දිනූ වාසනාවන්තයාටත් , සුපිරි ධන සම්පත ලොතරැයියේ විසිපන් ලක්ෂයේ වාසනාවන්තයාටත් චෙක්පත් ප්‍රදානය කරන ලදි.

ඊට අමතරව විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 15 දෙනෙක් සදහාත් දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 12 දෙනෙක් සඳහාත් චෙක්පත් ප්‍රදානය කරන ලදි. 

ඒ අනුව දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 31 දෙනෙකු අතර රු. 185,966,674/-ක දැවැන්ත මුදල් සම්භාරයක් බෙදාදීම සිදුකරන ලදී.

 



විශේෂාංග පුවත්