සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි ජාලයේ දු දරුවන් වෙනුවෙන් සුවිශේෂී ශිෂ්‍යත්ව වැඩසටහනක්

24-August-2026

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ලොතරැයි අලෙවි නියෝජිත හා අලෙවි සහායක මහත්ම මහත්මීන්ගේ දූදරුවන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ සුවිශේෂ වැඩසටහනක් ජනාධිපති අරමුදල මගින් ආරම්භ කර ඇත.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් මාලවේ සමාරම්භක වැඩසටහන 2026.08.23 දින උතුරු මැද පළාතින් ආරම්‍භ කළ අතර එහිදී උතුරු මැද පළාත් ලොතරැයි අලෙවි නියෝජිත හා අලෙවි සහායක මහත්ම මහත්මීන්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ලබාදෙන ලදී. මෙම වැඩසටහන අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සාමාජික සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු සම්භාවනීය ආරාධියින්ගේ සහභාගීත්වයෙන් සිදුවිය. අපගේ අලෙවි නියෝජිත ජාලයේ දරු දැරියන්ට පාසැල් අධ්‍යාපනය නිම වන තෙක් ලබා දීමට නියමිත මෙම ශිෂ්‍යත්ව වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිත අතර එය තවදුරටත් තවත් සාර්ථක කර ගැනීමට අද මෙන්ම මතුවටත් අප ඔබගේ සහයෝගය අපේක්ෂා කරන්නෙමු.



සුපිරි ධන සම්පත “ Win Cash ” විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු 25 !

06-August-2026

සුපිරි ධන සම්පත “ Win Cash ” විශේෂ දිනුම් ඇදීම 2026 අගෝස්තු 25 !

සුපිරි ධන සම්පත  “Win Cash” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2026.08.06 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

Read More

විශේෂාංග පුවත්