සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ටිකට්පත "වාසි"වෙළදපලට !

10-September-2026

සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවත් දැවැන්ත තාක්ෂණික පියවරක් තබමින් සිය දෙවන ඩිජිටල් ලොතරැයි පත ලෙස ″වාසි″ ලොතරැයි පත, වෙළඳපළට හඳුන්වා දීම අද (2026.09.10) සිදුකරන ලදී.

මෙම “වාසි”  නව ලොතරැයි දිනුම් ඇදීම, ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සිදුකරන අතර සම්පූර්ණ දිනුම් ඇදීමේ වැඩසටහන DLB Lottery Show Youtube නාලිකාව හරහාද, ප්‍රතිඵල ඇතුළත් කෙටි විඩීයෝ පටය DLB Lottery Show වැඩසටහන හරහාද විකාශනය කරනු ලැබේ. මෙහි මංගල දිනුම් ඇදිම “රජ වාසි” නමින්  විශේෂ දිනුම් ඇදීමක් සමඟින් එළඹෙන 2026  ඔක්තෝම්බර් 01 වන දින සිදුකරන අතර ඉන්පසුව සතියේ දින 7පුරා දිනුම් අදිනු ලැබේ.

මෙම “වාසි” නව ලොතරැයිපත DLB Sweep App හරහා මෙන්ම මුද්‍රිත ටිකට්පතක් ලෙසද මිළදී ගැනීමට හැකියාව ඇති අතර ලොතරැයිපතක මිල රු.40/-කි.

අංක දෙකක ඉතාමත් සරල ත්‍යාග රටාවක් සමඟ ඔබ වෙත එන මෙම “වාසි” නව ලොතරැයිපතේ ජය අංක 02 ක් සුපිරි අංකයක් හා ඉංග්‍රීසි අක්ෂරයක් දිනුම් ඇදීමේදී තෝරා ගනු ලැබේ. ජය අංක 02 ක්,සුපිරි අංකයක් හා ඉංග්‍රීසි අක්ෂරය ගැලපීමෙන් සුපිරි ජයමල්ල රු.1,000,000/-ක් දිනාගැනීමේ හැකියාවක් ඇත. තෝරාගනු ලබන අංක 02 සහ ඉංග්‍රීසි අක්ෂරය ගැළපීමෙන් රු.500,000/- ක මුදල් ත්‍යාගය හෝ ඉලෙක්ට්‍රික්  යතුරුපැදිය පාරිභෝගික කැමැත්ත අනුව දිනාගත හැක. සුපිරි අංකය සමඟ අංක 02 ක් ගැළපීමෙන් රු.50,000/- ක් දිනාගත හැකිය. එසේම අංක 02 ක් පමණක් ගැළපීමෙන් රු.25,000/-ක් ද ඇතුළුව රු.40/- දක්වා විහිදුනු සෙසු ත්‍යාග රැසක් සමඟින් ආකර්ෂණීය මුදල් ත්‍යාග  දිනා ගැනීමට හැකියාව ඇත.

තවද “රජ වාසි” ප්‍රථම දිනුම් ඇදීමෙන්, පළමුව අංක 6කින් යුත් විශේෂ අංකය ගැළපීමෙන් ඉලෙක්ට්‍රික්  යතුරුපැදි ද, දෙවනුව අංක 5කින් යුත් විශේෂ අංකය ගැලපීමෙන් හා රු.25,000/- මුදල් ත්‍යාග ද, ඉහත ත්‍යාග වලට අමතරව දිනාගත හැකිය.

ඔබත් වැඩි වැඩියෙන් වාසි ටිකට්පත් මිළදී ගෙන වැඩියෙන් වාසි දිනා ගන්න.



විශේෂාංග පුවත්