සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග එක්ව වාසනාව උදාකරගත් වාසනාවන්තයින් 64 දෙනෙක් වෙත චෙක්පත් ප්‍රදානය - 2026.09.23

25-September-2026

සැප්තැම්බර් මාසයට ජයග්‍රාහී ආරම්භයක් ලබාදෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් තුළින් බිහිවූ ජයග්‍රාහකයින් 64 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම  2026.09.23 වන දින සිදුවිය. මෙහිදී සංවර්ධන ලොතරැයිපත් අතරින්, ශනිදා ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.61,226,462/- දිනූ ජයග්‍රාහකයාටත් , සුපිරි ධන සම්පත ලොතරැයියේ විසිපන් ලක්ෂයේ ජයග්‍රාහකයින් 06 දෙනෙක් සදහාත් චෙක්පත් ප්‍රදානය කරන ලදි.

ඊට අමතරව විසි ලක්ෂයේ  ජයග්‍රාහකයින් 31  හා දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 26 සඳහාද චෙක්පත් ප්‍රදානය කරන ලදි. 

ඒ අනුව සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 64 දෙනෙකු අතර  බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු. රු. 164,226,462/-කි.



විශේෂාංග පුවත්