සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලොතරැයි අලෙවි නියෝජිත හා අලෙවි සහායක මහත්ම මහත්මීන්ගේ දූදරුවන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනේ දෙවන වැඩසටහන මධ්‍යම පළාතට

29-September-2026

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පූර්ණ මුල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ලොතරැයි අලෙවි නියෝජිත හා අලෙවි සහායක මහත්ම මහත්මීන්ගේ දූදරුවන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ සුවිශේෂ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන උතුරු මැද පළාතින් ආරම්භ කළ අතර එහි දෙවන වැඩසටහන 2026.09.27 වන දින මධ්‍යම පළාත් ලොතරැයි අලෙවි නියෝජිත හා අලෙවි සහායක මහත්ම මහත්මීන්ගේ දූ දරුවන් වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය.

මෙම වැඩසටහන සදහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සාමාජික සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා,සෞඛය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි,ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුලු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූ අතර ඊට අමතරව මධයම පළාත් අණ්ඩුකාර  වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා ඇතුලු රජයේ නිළධාරීන් සහභාගී විය.තවද මේ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු නිළධාරීන්ද සහභාගී විය.

මෙහි තුන්වල වැඩසටහන බස්නාහිර පළාත සදහා සිදුකිරීමට අපේක්ෂිත අතර ඉදිරියේදී දිවයින පුරා සියලු පළාත් ආවරණය කරමින් ක්‍රියාත්මක වීමට නියමිතය.ලොතරැයියක් වෙනුවෙන් ඔබ වැය කරන මුදල නැවතත් දිනුමක් ලෙස ඔබ අතරටම රැගෙන එන සංවර්ධන ලොතරැයි මණ්ඩලය එයින්ද නොනැවතී අපේම මිනිසුන් වෙනුවෙන් කරනු සිදුකරනු ලබන මෙහෙවරයන් උදෙසාද නොමසුරු දායකත්වය ලබාදෙන්නේය.

ඉදිරියටත් එවන් මෙහෙවරයන් සිදුකරමින් ඔබත් දිනවා රටත් දිනවන්න පාරිභෝගික ඔබගේ සහයෝගය අප ඉදිරියේදීත් අපේක්ෂා කරන්නෙමු.



විශේෂාංග පුවත්