සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් වාසනාවන්තයින් රැසකට චෙක්පත් පිරිනැමේ!

12-October-2026

එක පෙළට ජයග්‍රාහකයින් බිහිකරන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් තුළින් බිහිවූ  තවත් වාසනාවන්තයින් 51 දෙනෙක්ට චෙක්පත් පිරිනැමීම 2026.10.12 දින සිදුවිය.

මෙහිදී ශනිදා ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.50,525,395/- දිනූ ජයග්‍රාහකයාටත් , සුපිරි ධන සම්පත ලොතරැයියේ විසිපන් ලක්ෂයේ ජයග්‍රාහකයින් 03 දෙනෙක් සදහාත් චෙක්පත් ප්‍රදානය කරන ලදි.

ඊට අමතරව දිනුම් අදිනු ලබන ලොතරැයි පත් තුළින් බිහවූ විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 24 දෙනක් සදහාත් දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 23 දෙනෙක් සදහාත් චෙක්පත් ප්‍රදානය කරන ලදි. 

ඒ අනුව දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 51 දෙනෙකු අතර  බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු. 129,025,395/-කි.



විශේෂාංග පුවත්