සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

2026 ලෝක විවාහක සංචාරක රූ රැජි‍ණ අතින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ජයග්‍රාහකයින්ට චෙක්පත්

30-October-2026

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් තුළින් බිහිවූ තවත් ජයග්‍රාහකයින් 44 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.10.30 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඉහ‍ළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදුවිය.එසේම මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනුම් ඇදීම් සහන නිවේදිකාවක ලෙස සේවය කරන මෙවර 2026 විවාහක සංචාරක රූ රැජින කිරුළ දිනාගත් නිමේෂා ප්‍රේමරත්න මහත්මියද සහභාගී විය.

මෙහිදී සංවර්ධන ලොතරැයිපත් අතරින්, ශනිදා ලොතරැයියේ සුපිරි ජයමල්ල රු.56,096,126/- දිනූ ජයග්‍රාහකයාටත් ,ශනිදා ලොතරැයියේම සුපිරි ජයමල්ල රු.51,208,962 දිනූ වාසනාවන්තයාටත්,ලග්න වාසනාව ලොතරැයියේ සුපිරි ජයමල්ල 10,792,065 දිනූ ජයග්‍රාහකයාටත්,කප්රුක ලොතරැයියේ රු.10,000,000/- දිනූ ජයග්‍රාහකයාටත්, සුපිරි ධන සම්පත ලොතරැයියේ විසිපන් ලක්ෂයේ ජයග්‍රාහකයාටත් චෙක්පත් ප්‍රදානය කරන ලදි.

ඊට අමතරව විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 17 දෙනෙක්ටත්, දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 22 දෙනෙක්ටත් චෙක්පත් ප්‍රදානය කරන ලදි. 

ඒ අනුව දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 44 දෙනෙකු අතර බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු. 186,597,154/-කි.



විශේෂාංග පුවත්