සතියේ සෑම අගහරුවාදා සහ සිකුරාදා දිනකම දිනුම් අදින ලද නියත ජය ලොතරැයිපත 2019 ජූලි 30 වන දින සිට බල පැවැත්වෙන පරිදි වෙළදපලින් ඉවත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇත. එහි අවසන් දිනුම් ඇදීම 2019 ජූලි 30 වන දින සිදුකළ අතර එහි ජයග්‍රහණය නොකළ සුපිරි ජයමල්ල 2019 අගෝස්තු 02 දින දිනුම් අදිනු ලබන සංවර්ධන වාසනාව ටිකට්පතෙහි සුපිරි ජයමල්ලට එකතු කරනු ලබයි.
අවසන් වශයෙන් 2019 ජූලි 30 වන දින දිනුම් අදිනු ලද නියත ජය ලොතරැයි ටිකට්පතේ දිනුම් එම අවසන් දිනුම් ඇදීමේ දින සිට මාස 06ක් ඇතුළත ලබා ගැනීමට ජයග්රාහකයින්ට හැකියාව ඇත.
ඒ අනුව මින් ඉදිරියට නියත ජය ලොතරැයිපත පැවති දිනයන් වෙනුවට ජයෝදා ටිකට්පත අගහරුවාදා දිනටත් සංවර්ධන වාසනාව සිකුරාදා දිනයත් දිනුම් අදිනු ලැබේ.
මෙම සංශේධනයන්ට අනුව ඔබට ජයෝදා ලොතරැයිපත අගහරුවාදාට සහ බ්‍රහස්පතින්දාටත් සංවර්ධන වාසනාව ලොතරැයිපත බදාදා සහ සිකුරාදා දිනයන්ටත් මිළදී ගැනීමේ හැකියාව ඇත.
එමෙන්ම ජනතාවගේ ඉල්ලීම මත වැඩි ආකර්ෂයක් දිනා ගත් ලග්න වාසනාව (රාශි අදිෂ්ටම්) ලොතරැයිය 2019 අගෝස්තු 01 වන දින සිට සතියේ දින හත පුරාම දිනුම් අදිනු ලබයි.
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් කළුතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.02.16 වන දින වාද්දූව ලයා බීචි හෝටල් පරි...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.02.09 වන දින කටුනායක ඊගල් ලැගුන් වීව් හ...
කෝටි ගණන් දිනුම් ගෙනෙමින් වැඩිම ත්‍යාග මුදල් ප්‍රමාණයක් පිරිනමන සුපිරි ධන සම්පත ලොතරැයියේ “ඩබල් ෆෝචූන් ” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම 2025.01.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්...