අගෝස්තු මස 01 වන දින සිට “ලග්න වාසනාව” සතියේ දින හතේම ඔබ වෙත ගෙන ඒමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.
මෙතෙක් ඔබ මිළදී ගත් ලග්න වාසනාව ලොතරැයිපත් නොවෙනස්ව පවතින අතර සෙනසුරාදාට ඔබ වෙත එන “ලග්න වාසනාව” ලොතරැයිය “නිල් පැහැයෙන්ද” සදුදා දිනට ඔබ හමුවට එන ලග්න වාසනාව “කහ පාටින්ද” යුක්ත වේ.
එමෙන්ම අගෝස්තු මස පුරාවටම “ලග්න වාසනාව” ලොතරැයියේ ඩබල් චාන්ස් නමින් විශේෂ දිනුම් ඇදීමක් දිනපතා සිදුකරනු ලබයි. මේ මගින් රුපියල් 100/- බැගින් වූ තෑගි 1000 ක් හා රුපියල් 500/- බැගින් වූ තෑගි 250ක් හිමිකර ගැනීමට ඔබට අවස්ථාව ඇත.
තවද අගෝස්තු මස 31 වන දින “සුපිරි ධන යෝගය” නම් වූ විශේෂ ලග්න වාසනාව දිනුම් ඇදීමක් සිදුකරනු ලබන අතර මෙදිනට ඩබල් චාන්ස් දිනුම් ඇදීමට අමතරව විගෝ මෝටර් රථයක් හා රුපියල් 100,000/- බැගින් වූ දිනුම් අවස්ථා 15ක් දිනාගැනමට අවකාශය සලසා දී ඇත.
ලග්න වාසනාවේ වාසනාවන්තම මාසය ලෙසින් ඉදිරියට යන අගෝස්තු මාසයේ ඔබත් ලග්න වාසනාව මිළදී ගන්න අමතක නොකරන්න.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වාර්ෂිකව අඛණ්ඩව පවත්වනු ලබන දිස්ත්රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත රුස්වීම් මාලාවේ 2021 වර්ෂයට අදාළ රුස්වීම 2021.03.29 වන දින පවත්වන ලදී. සියලුම දිස්ත්රික්ක ආවරණය වන පරිදි බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්මීන් මෙම අවස්ථාව සදහා සහභා...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපර්බෝල් හා ලග්න වාසනාව යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් පස් දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.03.30 වන දින ගරු අග්රාමාත්ය ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් සිදුකරන ලදී.