සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ලොතරැයි දිනුම් ඇදීමේ නිවේදක නිවේදිකාවන් වෙනුවෙන් දින පහක වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කර ඇත.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව සිටින සියලුම නිවේදක නිවේදිකාවන්ගේ නිවේදන හැකියාවන් හා කුසලතාවයන් තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට අත්වැලක් ලබාදීම මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණයි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනුම් ඇදීමේ නිවේදන කටයුතු සිදුකරන සියලුම නිවේදක නිවේදිකාවන් මේ සදහා සහභාගී වීමට නියමිත අතර පහළොස් දෙනා බැගින් වූ කණ්ඩායම් දෙකක් වශයෙන් මෙම වැඩමුළුව සදහා ඔවුන් සහභාගී කරවනු ලබයි.
ප්‍රවීණ රංගන ශිල්පීනී අනෝජා වීරසිංහ මහත්මිය විසින් මෙහෙයවනු ලබන බෙල්ලන්විල අභින යෝගා ආශ්‍රමයෙහි පැවැත්වූ මෙම වැඩමුළුව සදහා පසුගිය අගෝස්තු 09 වන දින සිට 13 වනදා දක්වා දින පහක කාලය තුළ නිවේදක නිවේදිකාවන් 15කින් යුත් පළමු කණ්ඩයම සහභාගි කරවීය.
අද කෝටිපති ලොතරැයිපතෙහි අලෙවිය වර්ධනය කර ගැනීම වෙනුවෙන් 2019 ජූලි මස සිට සැප්තැම්බර් මස දක්වා ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන යටතේ මුළු දිවයිනෙන්ම වැඩිම අලෙවියක් සිදුකළ දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා මුදල් ත්‍යාග ලබාදීම පසුගිය අගෝස්තු ...
ශනිදා වාසනාව 3325 වන වාරයේ සුපිරි ජයමල්ල රු.3,99,79,235/- මුදල දිනාගත් -කිරම ප්‍රාදේශයේ කංකානම්ගේ ධර්මසිරි මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම අද (2020.07.27) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.