සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් විශ්වාසයෙන් මිළදී ගෙන වාසනාවන්තයින් බවට පත්වූ ජයග්‍රාහකයින් හතලිස් නව දෙනෙක් සදහා අදාළ චෙක්පත් ප්‍රදානය 2019.08.20 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
එක් මසක් ඇතුළත ලග්න වාසනාව බිහිකළ සුපිරි ජයග්‍රාහකයින් තිදෙනාටම අදාළ චෙක්පත් පිරිනැමීම එහිදී සිදුවිය.
එහිදී ලග්න වාසනාව 2577 වන වාරයේ සුපිරි ජයමල්ල රු.3,744,332 ක මුදල දිනාගත් පුවක්පිටිය එස් ආනන්ද මහතාට ලග්න වාසනාව 2562 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.2,725,216 ක මුදල දිනාගත් දෙල්ගොඩ ආර්.ඩී.එස්.කුමාරට සහ ලග්න වාසනාව 2563 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,000,000 ක මුදල දිනාගත් කන්කසන්තුරේ ජී.නිදූසන් මහතාට අදාල චෙක්පත් පිරිනැමීම සිදුකරන ලදී.
තවද දස ලක්ෂයේ මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයින් හතලිස් දෙදෙනෙක් සදහා අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම සිදුවූ අතර අද කෝටිපති විශේෂ දිනුම් ඇදීමේ වාරය හරහා විගෝ මෝටර් රථය දිනාගත් ජයග්‍රාහකයාට සහ යතුරු පැදි දිනාගත් ජයග්‍රාහකයින් තිදෙනෙක් සදහාත් අදාළ යතුරු පිරිනැමීම සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතා ඇතුලු නිළධාරීන් සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක්ට හා තවත් ලක්ෂපති ජයග්‍රාහකයින් රැසකට අදාළ චෙක්පත් ලබාදීම 2022.01.12 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා අතින් සිදුවිය.
එහිදී 2021.12.12 දින පැවති කෝටිපති කප්රු...
2022 වර්ෂයේ අලෙවි ඉලක්කයන් හා සාර්ථක අලෙවි වර්ධනයක් වෙනුවෙන් ගමන් කිරීම සදහා වන අදහස් හා යෝජනා පිළිබදවත්, පසුගිය වසරේ අලෙවියෙහි ප්‍රගතීන් පිළිබඳවත් සාකච්ජා කෙරෙන අලෙවි සමාලෝචන රැස්වීම පසුගිය 2022.01.05 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවය කර මේ වන විට මියගොස් සිටින සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් පුණ්‍යාණුමෝදනා කිරීමේ අරමුණින් මහරගම අපේක්ෂා රෝහල වෙත අත්‍යාවශ්‍ය ඖෂධ ලබාදීම 2022.01.06 වන දින සිදුකරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සොෆ්ට් හාට් පදනම හා කාර්ය මණ්ඩලයේ එකමුතු දායකත්වයෙන් &...