සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත හා අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාදීමේ වෛද්‍ය කදවුරු මාලාවේ හතරවන වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේදී 2019.08.25 වන දින පැවැත්විය.
වසරේ දින වැඩිම ගණනක් තම ශරීර සෞඛය ගැන හෝ නොතකා නොයෙක් රෝගාබාධයන්ගෙන් පීඩා විදිමින් ලොතරැයි අලෙවියෙහි යෙදෙන අලෙවි නියෝජිත,අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීම මෙන්ම අක්ෂි පරික්ෂාව සහ ඇස් කණ්නාඩි ලබා දීමද එහිදී සිදුවිය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත සහ අලෙවි සහයක මහත්ම මහත්මීන් 600කට ආසන්න පිරිසක් මෙම වෛද්‍ය කදවුර සදහා සහභාගී වූ අතර මෙම වැඩසටහන ඔවුන්ගේ නිරන්තර ප්‍රසංසාවට හා අගයකිරීමට පාත්‍ර විය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, සහකාර සාමාන්‍යාධිකාරී විකුණුම් සුනිල් ජයරත්න මහතා, කළාප කළමනාකරු රංග රණතුංග මහතා ඇතුළු පිරිස සහභාගී විය.
කෝටිපති කප්රුක 587 වන වාරයේ සුපිරි ජයමල්ල 8,32,29,285/- ක මුදල දිනාගත් වාසනාවන්තයා වත්තල පී.එම්.එන්.කේ.නවරත්න මහත්මියට අදාළ චෙක්පත පිරිනැමීම 2020.12.07 දින සිදුවිය.
එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කළේ හැදල අලෙවි නියෝජිත එස්.රොද්...
ලොතරැයි අලෙවි කේෂත්රයට නව තාක්ෂණික අත්දැකීම් රැසක් එක් කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවත් නවමු පියවරක් ලෙස තම පාරිභෝගික මහත්ම මහත්මීන්ට ජංගම දුරකථනය හරහා කෙටි පණිවිඩයක් (SMS) මාර්ගයෙන් හෝ ඇමතුමක් (USSD) මාර්ගයෙන් ලොතරැයි මිළදී ගැනීමේ අවස්ථාව උදාකර දීමේ මුලි...