සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් DLB සත්කාර යන තේමාව යටතේ අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වෛද්‍ය කදවුරු මාලාවේ පස්වන වෛද්‍ය කදවුර මහනුවර දිස්ත්‍රික්කය සදහා පසුගිය සැප්තැම්බර් 13 වන දින ක්‍රියාත්මක කරන ලදී.
රැධිර පරීක්ෂාව සහ ඒ හරහා හදුනාගත් රෝග සදහා ප්‍රතිකාර අක්ෂි පරීක්ෂාව සහ ඇස් කණ්නාඩි ලබාදීම වෙනත් රෝගාබාධයන් පරීක්ෂා කොට වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීම යන කටයුතු එහිදී සිදුවිය.
මෙම වෛද්‍ය කදවුර සදහා මහනුවර දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් දාහකට වඩා වැඩි පිරිසක් සහභාගී වූ අතර මෙවන් සමාජ සත්කාරයක් සිදුකිරීම පිළිබදව ඔවුන්ගේ නිරන්තර ප්‍රසංසාවද සංවර්ධන ලොතරැයි මණ්ඩලයට හිමිවිය.
මෙම වෛද්‍ය කදවුර සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(අලෙවි) චානක දොඩංගොඩ මහතා මහනුවර කලාප කළමනාකරු සුනිල් රත්නායක මහතා ඇතුලු පිරිස සහභාගී විය.
අද කෝටිපති ලොතරැයිපතෙහි අලෙවිය වර්ධනය කර ගැනීම වෙනුවෙන් 2019 ජූලි මස සිට සැප්තැම්බර් මස දක්වා ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන යටතේ මුළු දිවයිනෙන්ම වැඩිම අලෙවියක් සිදුකළ දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා මුදල් ත්‍යාග ලබාදීම පසුගිය අගෝස්තු ...
ශනිදා වාසනාව 3325 වන වාරයේ සුපිරි ජයමල්ල රු.3,99,79,235/- මුදල දිනාගත් -කිරම ප්‍රාදේශයේ කංකානම්ගේ ධර්මසිරි මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම අද (2020.07.27) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.