අද කෝටිපති ලොතරැයියේ 728 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 8 85 42 040 ක මුදල දිනාගත් ගත් ඔරුබැදිසියඹලාව ප්‍රදේශයේ එස්.ජී. හේමතිලක මහතාට සහ ලග්න වාසනාව ලොතරැයියෙන් අගෝස්තු මස බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් හය දෙනෙක්ට අදාළ චෙක්පත් ප්රදානය 2019.09.18 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.
එම සුපිරි ජයග්රාහකයින්ට අමතරව දස ලක්ෂයේ මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයින් තිස්එක් දෙනෙක්ට ද අදාළ චෙක්පත් ප්රදානය එහිදී සිදුවිය.
කෝටිපති ශනිදා ලොතරැයියේ 475 වන විශේෂ දිනුම් ඇදීම් වාරයේ වීගෝ මෝටර් රථය දිනාගත් එල්.ඒ.ලහිරු රවිශාන් මහතාට සහ යතුරු පැදි දිනාගත් ජයග්‍රාහකයින් තිදෙනෙක් සදහා අදාළ ත්‍යාගයන් පිරිනමන ලදී.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී අධ්යක්ෂ එච්.ආර්.විමලසිරි මහතා ඇතුලු නිළධාරීන් සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතයට ආර්ථිකමය ශක්තියක් ලබාගන්නා 500කට ආසන්න විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහකයින් වෙනුවෙන් දීප ව්‍යාප්තව සිදුකරන ට්රයිසිකල් බෙදා දීමේ වැඩසටහනෙහි තවත් අදියරක් පසුගිය ජූලි 16 සහ 17 දිනයන්හිදී ක්‍රියාත්මක කරන ලදී.
<...