ඔබේ ජීවිතය වාසනාවෙන් එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිරන්තරයෙන් මෙරට විවිධ ආගමික සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික අවශ්‍යතාවයන් වෙනුවෙන්ද දායකත්වය ලබාදීමට කටයුතු කරන ආයතනයකි.
ඔබේ පුංචි රුපියල් විස්ස වෙනුවෙන් වැඩිම වටිනාකමක් ලබාදෙමින් සිදුකරන ලබන එම අනුග්‍රාහක දායකත්වයන් අනුව යමින් පසුගියදා රුහුණු මහ කතරගම පෙරහැර වෙනුවෙන් රු.1,000,000/- ක චෙක්පත රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතාට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා අතින් ප්‍රදානය කිරීම සිදුවිය.
ඔබේ ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය රටේ සුබ සිද්ධිය වෙනුවෙන්ද උර දෙන ආයතනයකි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපර්බෝල් හා ලග්න වාසනාව යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් පස් දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.03.30 වන දින ගරු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් සිදුකරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක,සංවර්ධන වාසනාව හා ශනිදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස් දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.03.12 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක...