සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.
ලෝකයේ නව තාක්ෂණික ප්රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙවලම් සමගින් බැදුණු පාරිභෝගිකයින්ගේ එදිනෙදා පහසුවටත් කාලෝචිතව හදුන්වා දෙන ලද මෙම DLB Sweep App එළිදැක්වීම සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලද ජයග්රහනයකි.
ඒ අනුව මෙම DLB Sweep App හරහා ඕනෑම අයෙක්ට දෛනික නිල ලොතරැයි ප්‍රතිඵල සහ මාස හයක් පැරණි ලොතරැයි ප්‍රතිඵල ඉතාමත් විශ්වාසවන්ත ලෙසත් නිවැරදි ලෙසත් කඩිනමින් දැනගැනීමටත් හැකියාව ඇත.
එමෙන්ම ලොතරැයිපතෙහි සටහන්වන QR සංකේතය භාවිතා කර ලොතරැයිපතට අදාළ ත්‍යාග තිබේද යන්න හා ඊට අදාළ ත්‍යාග මුදල් ප්‍රමාණය දැන ගැනීමටත් හැකියාව පවතී.
දැනට මෙම පහසුකම් දෙක සමගින් ජනතාගත වන DLB Sweep App අනාගතයේදී පාරිභෝගික ජනාවගේ පහසුව වෙනුවෙන් ආකර්ෂණීය විශේෂාංගයන් රැසක් එක් කිරීමට අපේක්ෂා කරයි.
ඔබත් අදම ඔබේ ජංගම දුරකථනයට ටැබ් යන්ත්‍රයට නොපමාව DLB Sweep App ඩවුන්ලෝඩ් කර ගන්න.
අද කෝටිපති ලොතරැයියේ 728 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 8 85 42 040 ක මුදල දිනාගත් ගත් ඔරුබැදිසියඹලාව ප්‍රදේශයේ එස්.ජී. හේමතිලක මහතාට සහ ලග්න වාසනාව ලොතරැයියෙන් අගෝස්තු මස බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් හය දෙනෙක්ට අදාළ චෙක්පත් ප්රදානය 2019.09.18 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.
...සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් DLB සත්කාර යන තේමාව යටතේ අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වෛද්‍ය කදවුරු මාලාවේ පස්වන වෛද්‍ය කදවුර මහනුවර දිස්ත්‍රික්කය සදහා පසුගිය සැප්තැම්බර් 13 වන දින ක්‍රියාත්මක කරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයන "අභිමානී" වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන සහ අලෙවි කුටි ලබාදීමේ වැඩසටහන් මාලාවේ 2019 වර්ෂයේ සමාරම්භක වැඩසටහන උතුරු පළාත් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් අද දින (2019.09.08) ...