එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්භක සුපිරි ජයමල්ල වන කෝටි 7.5 ක ජයමල්ලක් සහිත කෝටිපති කප්රුක ලොතරැයියේ 513 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.14 50 29 213ක අති දැවැන්ත ජයමල්ල දිනා ගැනීමට පසුගිය 2019.10.27 වන ඉරිදා දින රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල ප්‍රදේශයේ වාසනාවන්තයෙක් හෝ වාසනාවන්තියක් සමත්ව ඇත.
එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගොඩකවෙල අලෙවි නියෝජිත ආර්.පී. සෝමා ප්‍රියන්ති මහත්මියයි.
2016 වසරේදී වෙළදපලට නිකුත් කරන ලද කෝටිපති ශනිදා ලොතරැයිය කෝටිපති කප්රුක නමින් වඩාත් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීම පසුගිය අගෝස්තු මස සිදුවූ අතර වසර තුනක් වැනි ඉතාමත් කෙටි කාලයකදී මෙවන් සුපිරි ජයමල්ලකට හිමිකරුවෙක් බිහි කීරීම ඉතාමත් සතුටුදායක කරුණකි.
මේ වන විට කෝටිපති (ශනිදා) දැන් කෝටිපති කප්රුක ලොතරැයිය මගින් 2016 සිට මේ දක්වා සුපිරි ජයග්‍රාහකයින් 08 දෙනෙක් බිහිකර ඇති අතර ඔවුන් වෙත ලබාදුන් සමස්ත ත්‍යාග මුදල් වල වටිනාකම රුපියල් මිලියන 751 කි. නැතහොත් කෝටි 75.1 කි.
කෝටිපති කප්රුක ශ්‍රි ලාංකිය ලොතරැයි පාරිභෝගිකයන් හට අනාගතයේදී ලොතරැයි කප් රුකක් වන අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම සියලුම පාරිභෝගිකයන් හට සැමදා ජයග්‍රාහණයන් හිමිවේවායි මේ වාර්තාගත අවස්ථාවේදී ප්‍රාර්ථනා කරයි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් අත්වැල් බැද සිටින උතුර නැගෙනහිර වෙසෙන ලොතරැයි පාරිභෝගික මහත්ම මහත්මීන් වෙනුවෙන්ම වාසනාව උරුම කිරීමේ අරමුණින් වාළම්පුරි නමින් විශේෂ ලොතරැයිපතක් හදුන්වා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කලා.
ලංකාවේ සිව්දෙසට වාසනාවේ පණිවිඩය රැගෙන යන අප උතුරු නැගෙනහිර ජනත...
ලොතරැයි වෙළදපලේ දැනට පවතින අති දැවැන්තම සුපිරි කෝටිපති ජයමල්ල රුගෙන ඔබේ සිහින වලටත් වඩා ඉහළින් ඔබගේ ජයග්‍රාහණය රදවා තබන කප්රුක ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීමක් එලඹෙන සැප්තැම්බර් 29 දින පැවැත්වේ.
“පවර් ප්ලේ” ලෙස නම් කර ඇති මෙම විශේෂ දිනුම් ඇදීමේ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම ...