ජීවිතේ කියන්නේ කිසියම් සීමාවක් ඇතුලේ තියලා ගොඩනැගෙන්න දිය යුත්තක්ම නොවේ.
ස්ත්‍රී පුරුෂභාවය එහෙම නැතිනම් සමාජ තත්ත්වය උගත් මට්ටම වැනි දේ මත පදනම් වී සාම්ප්‍රදායික තෝරාගැනීම් වලටම යන්න බහුතරය පුරුදු වෙලා තිබුණත් ඉන් එහාට අඩියක් තියන්න පුළුවන්නම් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක් එහෙමත් නැතිනම් සාම්ප්‍රදායික වැටුපක් ලබන අයෙක්ට වඩා තුන් හතර ගුණයක වැටුපක් ලබන සාර්ථක ව්‍යවසායකයකු බවට පත්වීමේ හැකියාව ඇත.
කාන්තාවකට ජය ගත නොහැකියැයි අනුමාන කරන ලොතරැයි ව්‍යාපාරය සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ආදර්ශමත් ලෙස සාර්ථකව ඉහළටම ඔසවා තැබු මහනුවර දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජයවර්ධන මහත්මිය වසර අටක් පුරා අඛණ්ඩව ලංකාවේ වැඩිම අලෙවියක් සිදුකරන ව්‍යවසායිකාව බවට පත්ව ඇත.
ගණකාධිකරණ විශේෂවේදී උපාධියක් අතැතිව ලොතරැයි ව්‍යාපාරයට එක්වූ ගාල්ල අලෙවි නියෝජිත අමිල දියුණගේ මහතා තම සමකාලීන උපාධිධාරීන් අභිබවා ඔවුන්ගේ වැටුප් මෙන් තුන්ගුණයක මාසික ආදායමක් උපයන සාර්ථක ව්‍යවසායකයකු බවට පත්ව ඇත.
ප්‍රශ්නය ඇත්තේ ලොතරැයි ව්‍යාපාරය තුළ නොව ඒ දෙස බලන ඔබේ ආකල්පවලය.
මුලින්ම අප හැරෙන්නේ ලංකාවේ ඉහළම අලෙවියක් සිදුකරන ජයවර්ධන මහත්මිය දෙසටයි.
ලොතරැයි සමගින් එක්වී අවුරුදු 25 ක්.
ලොතරැයි ව්‍යාපාරය සමගින් සම්බන්ධ වී දැනට අවුරුදු 25ක් වනබවත් ආරම්භක අවස්ථාවේදී එයට සම්බන්ධ වූයේ අලෙවි නියෝජිත ධූරයකින් බවත් ඇය සදහන් කළ අතර ආරම්භයේදී මෙම ලොතරැයි ව්‍යාපාරය සිදුකලේ ආදරණීය ස්වාමි පුරුෂයා බව පැවසීය.
දැන් මම සියල්ලට නායකත්වය දෙනවා පමණයි.
ටිකෙන් ටික උත්සාහයෙන් දියුණු කරගත් ව්‍යාපාරය මේ වන විට යම් ස්ථාවරත්වයකට පත්ව ඇති බැවින් වර්තමානයේ තමන් සිදුකරන්නේ ව්‍යාපාරය අධීක්ෂණය කිරීම පමණක් බව ඇය පැවසීය.
කාන්තාවක් වීම ව්‍යාපාරයක නිරතවීමට බාධාවක් නොවේ
කාන්තාවක් වීම හෝ තනි මවක් වීම ව්‍යාපාර කටයුතු කෙරහි කිසිදු බාධාවක් නොවන බවත් ලොතරැයි ව්‍යාපාරය වැනි රටට මිනිසුන්ට වැඩදායී ව්‍යාපාරයක අභිමානයෙන් නිරතවීමට කාන්තාවකට හැකි බවත් ඇය සදහන් කළාය.
මහනුවර සිට ලංකාවේ ප්‍රදේශයන් රැසකට ලොතරැයි බෙදාහරිනවා
ඇය මහනුවර සිට ලංකාවේ බොහෝ ප්‍රදේශයන්ට ලොතරැයි පත් අලෙවි කරන බවත් ලංකාවේ විශාල පිරිසක් ඇගෙන් ලබාගන්නා ටිකට්පත් අලෙවි කරන බවත් ඈ සදහන් කළාය.
ඉදිරියටත් වැඩිම අලෙවියක් කරන්න බලාපොරොත්තු වෙනවා.
පසුගිය අවුරුදු අටක කාලය සේම ඉදිරියටත් ලංකාවේ වැඩිම අලෙවියක් සිදුකරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් රැදී සිටීමට අපේක්ෂා කරන බව ඇය සංවාදය අවසන් කරමින් පැවසීය.
මීළගට අපි අදහස් විමසා සිටියේ ගාල්ල අලෙවි නියෝජිත අමිල දියුණගේ මහතාගෙන්ය.
මම ගණකාධිකරණ විද්‍යාවේදී විශේෂ උපාධිධාරියෙක්.
ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ගණකාධිකරණ විද්‍යාවේදී විශේෂ උපාධිය පන්ති සාමාර්ථයක්ද සහිතව ලබාගන්නා අමිල දියුණගේ මහතා සාම්ප්‍රදායික උපාධිධාරියෙක් යන මග අත්හැර ලොතරැයි ව්‍යාපාරය වෙත නැඹුරු වූවෙකි.
රජයේ හෝ පුද්ගලික රැකියාවක් තුළ අපි මාසේ පඩියකට කොටු වෙනවා.
වසර තුනක් පුද්ගලික අංශයේ රැකියාවක නිරත වූ අමිල මහතාට එකම විෂය කේෂත්‍රයක එකම මාසික පඩියකට තමන් කොටුවන බව වැටහී ඇත. ඒ අවස්ථාවේදී ඔහුගේ තේරීම වුයේ ලොතරැයි ව්‍යාපාරයයි. අද විධායක ශ්‍රේණියේ ඉහළ නිළධාරියකු ලබා ගන්නා වැටුප මෙන් තුන් ගුණයක වත්කමක් මාසිකව තමන් ලබා ගන්නා බව ඔහු පැවසීය.
ලොතරැයි ව්‍යාපාරය ලස්සන කරන්න මට අරමුණක් තිබුණා.
කුඩා කළ සිටම තම පියා නිරතවී සිටි ලොතරැයි ව්‍යාපාරය පිළිබදව විශාල ගෞරවයක් ආදරයක් පැවති බවත් තමන් ඉගෙන ගත්තේ විශ්ව විද්‍යාලයට ගියේ මහපොළ ශිෂ්‍යත්වය ලැබුවේ මේ සියල්ල කළේ ලොතරැයි ව්‍යාපාරයෙන් නිසා කෙදිනක හෝ එම ව්‍යාපාරයට වටිනාකමක් ලබාදී එය ලස්සන කිරීමට තමාට බලාපොරොත්තුවක් පැවති බවත් අද වන විට එය තමා සිදුකර ඇති බවත් සදහන් කළේය.
ලංකාවේ ප්‍රථම වතාවට මුද්‍රිතව නිල ප්‍රතිඵල නිකුත් කරන්නේ අපි.
ලොතරැයි ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් සාධකයක් ලෙස නිල ප්‍රතිඵලයට ඉතා ඉහළ වටිනාකමක් පවතින බවත් තමා ලොතරැයි ව්‍යාපාරයට එක්වූවාට පසුව නිල ප්‍රතිඵලයන් මුද්‍රිත මාධ්‍යයෙන් ලබාදීමට කටයුතු කළ බවත් අමිල මහතා සදහන් කළේය. නව තාක්ෂණය යොදාගෙන සාම්ප්‍රදායික ලොතරැයි අලෙවි නියෝජිතවරයෙක්ගේ භූමිකාවෙන් එහාට තමා ගොස් ඇතිබවද ඔහු සදහන් කලේය.
ලොතරැයි අලෙවිකරුවන්ටත් සමාජ අභිමානයක් අවශ්‍යයි.
ලොතරැයි අලෙවිය යනු හුදෙක් ස්වයං රැකියාවක් පමණක්ම නොව ඊට එහා ගිය සමාජ වටිනාකමක් පවතින්නක් බවත් ඒ අභිමානය ලොතරැයි අලෙවිකරුවාට හිමිවිය යුතු බවත් ඔහු සදහන් කළේය.
ලොතරැයි ව්‍යාපාරය දෙස ස්වයං රැකියාවක් ආකාරයෙන් බලන්න එපා.
ලොතරැයි ව්‍යාපාරය ස්වයං රැකියාවක් ලෙස නොව කර්මාන්තයක් , ව්‍යාපාරයක් ලෙස සළකා ඒ දෙස බලන ලෙසත් එවිට එහි කළ හැකි නව වෙනස්කම් ඒ හරහා ළගා කරගත හැකි වත්කම් කොපමණක්ද යන්න පුළුල්ව අවබෝධ වනු ඇති බවත් ඔහු පැවසීය.උපාධියක් ලබාගෙනත් ලොතරැයි විකිණීම දෙස කෙනෙක් අඩු තක්සේරුවෙන් බලන්නේනම් එකී ආකල්පය බිද දැමීමට තමන් හොදම උදාහරණය බවත් බය සැක නොමැතිව ලොතරැයි ව්‍යාපාරය සමගින් එක්වන ලෙසත් ඔහු තරුණ පරපුරට ආරාධනා කරමින්ම සංවාදය අවසන් කළේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් බොහෝදේ කරමින් අපට ශක්තියක් වන මොවුන් දෙපළ අදත් හෙටත් මතුවටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදර ගෞරවයට පාත‍්‍රවන බව කිවයුතුය.
අචලා පියරත්න
ලොතරැයි ලොවේ දැවැන්තම සුපිරි ජයමල්ල රැගෙන එන කප්රුක ලොතරැයිය උදාවන මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේත් ඔබේ වාසනාව දෙගුණ කරන්න සුදානම්. ඒ වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් කප්රුක ලොතරැයියේ “බක්මහ වාසි” විශේෂ ලොතරැයිපත් වෙළදපලට නිකුත් කිරීම...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් බදුල්ල,මොණරාගල හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.13 වන ...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.08 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ...
ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය කියලා ඇහෙද්දි ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ සංවර්ධන ලොතරැයියෙන් ජීවිතේ එළිය වෙන්නේ ලොතරැයි මිලදී ගන්න අයගේ විතරයි කියලා. ඒත් ඇත්තටම සංවර්ධන ලොතරැයිය නිසා ජීවිතයම එළිය කරගත්ත විශාල පිරිසක් අදටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය එක්ක අත්වැල් බැදගෙන ඉන්නවා.
මේ එවන් පරමාදර්ශී ...
උසස් අධ්‍යාපනය තුළ ඔබ ලැබූ “මහපොළ ශිෂ්‍යත්ව” වරප්‍රසාදය මෙරට සිසු පරපුරට හිමිකර දෙන්නට කටයුතු කරන්නාවූ ඒ සැබෑ මූල්‍ය දායකයා කවුරුන්ද යන්න ඔබ දන්නවාද?
බොහෝ විට ඔබ නොදන්නවා විය හැකිය.
අප අපට හිමි අයිතිවාසිකම් ගැන උනන්දු වුවත් අපට යුතුකම් ඉටුකරන්නන් ...
අවුරුදු හතේදී පොල්පිත්තක බුලත් විට ගසාගෙන ගොස් විකුණපු කෙනෙක් අද කොයි වගේ තැනක ඉන්න පුළුවන්ද? අද අපි ඔබට සමීප කරන මේ ජීවිත කතාව සංවර්ධන ලොතරැයි මණ්ඩලයයේ ශක්තියෙන්, දෛවයේ සරදම් වාසනාවකට පෙරලා ගත් අපේ කාලයේ උත්සාහවන්තයෙක් ගැනයි.
ජීවිතේ හය හතර තේරුම් ගන්න ඉස්කෝලෙකට යන්න ඕන වයසෙදි බුලත්විට වි...