සංවර්ධන ලොතරැයි මණ්ඩලය නොවැම්බර් මාසයේ අග සතියෙහි හා දෙසැම්බර් මුල් සති දෙක ඇතුළත බිහිකරන ලද ජයග්‍රාහකයින් සදහා අදාළ චෙක්පත් ලබාදීම 2019.12.30 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.
එහිදී ලග්න වාසනාව ලොතරැයියේ 2705 වන වාරයේ සුපිරි ජයමල්ල රු.4803730 ක මුදල දිනාගත් වැලිගත්ත ප්‍රදේශයේ ඒ.ආර්.ඒකනායක මහතාට අදාළ චෙක්පත ප්රදානය කිරීම සිදුවිය. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කළ කොල්ලුපිටිය අලෙවි නියෝජිත එච්.ඒ.වී.තෑලිස් මහතාටද චෙක්පතක් සමගින් සහතිකපතක් පිරිනමන ලදී.
ලග්න වාසනාව 2706 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,000,000 ක මුදල දිනාගත් කේ.කේ.එස්.කුමාර මහතාටද අදාළ චෙක්පත ප්රදානය කිරීම සිදුවිය. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ වැල්ලම්පිටිය අලෙවි නියෝජිත එන්.එස්.ඩේන් මහත්මියයි.
මෙම සුපිරි ජයග්‍රාහකයින් දෙදෙනාත් ඇතුලුව 2019 වර්ෂය තුළ ලග්න වාසනාව බිහිකළ සුපිරි ජයග්‍රාහකයින් සංඛ්‍යාව 29 කි.
එම සුපිරි ජයග්‍රාහකයින් දෙදෙනාත් සමගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අදකෝටිපති, ශනිදා වාසනාව, සුපර් බෝල්, කෝටිපති කප්රුක, ජයෝදා යන ටිකට්පත් හරහා බිහිවූ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් 21 දෙනෙක් සදහාද චෙක්පත් ප්රදිනය කිරීම එදින සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති දිලිප් සිල්වා මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩංගොඩ මහතා ඇතුළු නිළධාරීන් සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ජාලය දිරිමත් කිරීම සඳහා සංවර්ධන අභිමන් 2022 මහනුවර හා මාතලේ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 ජනවාරි මස 29 වන දින කටුගස්තොට මහවැලි රීච් හෝටල් පරිශ්‍රයේ දී සාර්ථකව නිමාවිය.
මෙම අවස්ථාව සඳහා ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුම...
සම්ප්‍රදායික ලොතරැයි කලාව අතික්‍රමණය කරමින් නවීන තාක්ෂණයේ දිශානතියන් ඔස්සේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් DLB Sweep App වෙත ප්‍රථම වතාවට National ICT Awards , NBQSA 2021 සම්මාන උළෙලේදී "Retail and Distribution in Consumer Category " යටතේ රිදී සම්මානයක් හිමිවිය.මීට අමතරව...
එම ජයග්‍රාහී 39 වන වර්ෂපූර්ණය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, මුදල් අමාත්‍යතුමාටත් සහ සියලු ලක්වාසීන්ටත් , සංවර්ධන ලොතරැයි මණ්ඩලයටත් සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් සිදුකරන ලදී.
එසේම ඒ සියල්ලන්ටම පුණ්‍යාණුමෝදනා කරමින් ස්වාමී...