කොවිඩ් -19 වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ලොතරැයි අලෙවිය නැවතත් ජූනි 01 වනදා සිට ආරම්භ කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලුම සන්නාමයන්ට අදාළ ලොතරැයිපත් මිළදී ගැනීමට එදින සිට පාරිභෝගිකයන්ට හැකියාව ඇත.
අනපේක්ෂිත ලෙස 2020.03.17 දින සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුද්‍රණය කර තිබූ සියලූම ටිකට්පත් තාවකාලිකව අලෙවියෙන් ඉවත් කළද එම ටිකට්පත් විනාශ නොකර නැවතත් දිනය මුද්‍රණය කර වෙළදපලට නිකුත් කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් මේ වන විට සිදුකර ඇත.
කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ උද්ගතව තිබූ තත්වයන් ක්‍රමයෙන් පහව යෑමත් සමග ලොතරැයි පාරිභෝගික ජනතාවගේ ලොතරැයි මිළදී ගැනීමට දක්වන කැමැත්ත විමසා බැලීම උදෙසා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් එම මුද්‍රිත ටිකට්පත් නැවත් දිනය මුද්‍රණය කර වෙළදපලට ඉදිරිපත් කර ඇත. එහිදි ලොතරැයි අලෙවියෙහි පෙන්නුම් කළාවූ සතුටුදායක ප්‍රවණතාවය හේතුවෙන් නැවතත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලුම ලොතරැයි වෙළදපලට ජූනි 01 වනදා සිට නිකුත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.
නව දින මුද්‍රණය කළ ලග්න වාසනාව ටිකට්පත් 2020.05.18 දින සිට වෙළදපලට නිකුත් කිරීම සිදුකළ අතර එළඹෙන මැයි 26 වන දින සිට පසුගිය මාසයන්ට අදාළ ලග්න වාසනාව ටිකට්පත් මෙන්ම අදකෝටිපති ලොතරැයිපත්ද නැවතත් දිනය මුද්‍රණය කර වෙළදපලට නිකුත් කරනු ලබයි.
කොරෝනා වෛරසය හේතුවෙන් ලොතරැයිපත් අලෙවිය තාවකාලිකව අත්හිටුවීමට පෙර 2020.04.04 දින දිනුම් ඇදීමට නියමිතව තිබූ “ශනිදා අවුරුදු වාසනා” විශේෂ ටිකට්පත වෙළදපල වෙත නිකුත් කොට තිබූ බැවින් එම ටිකට්පත් දිනය සංශෝධන නොකර වෙළදපලෙහි පවතින අතර 2020.06.13 දින එම විශේෂ දිනුම් ඇදීම සිදුකරන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය දන්වා සිටී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි ජාලය වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ආරක්ෂිත අත්වැසුම් හා නිවරැදි සෞඛ්‍ය උපදෙස් ලබාදීම සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් මේ වන විට සිදුකර ඇත.
එසේම නැවතත් ලොතරැයි අලෙවිය කිරීම සදහා යොමුවන සියලුම අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගෙන් හා අලෙවි සහායක මහත්ම මහත්මීන්ගෙන්ද මිළදී ගන්නා පාරිභෝගික ඔබ සැමගෙන්ද සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අමාතංශ්‍ය මගින් පෙන්වා දී ඇති සෞඛ්‍යාරක්ෂිත විධික්‍රම භාවිතා කරමින් ඉතාමත් ආරක්ෂිත ලෙස ලොතරැයි අලෙවියත් මිළදී ගැනීමත් සිදුකරන ලෙසයි.
මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් උතුරු පළාතේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.26 වන දින යාපනය ටිල්කෝ හෝටල් පරිශ්‍රයේදී ...
උදාවූ නව වසරේ ප්‍රථම චෙක්පත් ප්රදානෝත්සවය 2025.01.21 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.