පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.
අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හැකිවීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයද ලද ජයග්‍රහණයක් වන්නේය.
ආදී ලෙස දිනා ගත් සුපිරි ජයග්‍රාහකයින් 06 දෙනෙක් බිහිකරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලය අසමසම ලෙස සමත්වී ඇත.
රටක් නගා සිටුවන්නට නිරන්තරයෙන් දායකවන අතරවාරයේදීම මේ ආකාරයෙන් අද්විතීය ලෙස එක පෙළට සුපිරි ජයග්‍රාහකයින් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලයට හැකිවීම ලොතරැයි ඉතිහාසයෙහිද සංධිස්ථානයක් වනු ඇත.
ලග්න වාසනාව ලොතරැයියේ " සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ පළමු ත්‍යාග වූ සුපිරි වීගෝ මෝටර් රථය දිනා ගැනීමට අම්බලන්තොට ප්‍රදේශයේ පී.වී. වර්ණසීලී මහත්මිය සමත් වී ඇත. ඇයට එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවිකර තිබුණේ හම්බන්තොට අලෙවි නියෝජිත එච්.ආර්....