සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය කිරීම ඊයේ දින සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේදී සිදුවිය.

ජයග්‍රාහකයාට අදාළ වාසනාවන්ත ලොතරැයිය අලෙවි කර තිබුණේ මාවනැල්ල අලෙවි නියෝජිත එච්.වී.ඩී.අයි.උනම්බුව මහතා විසිනි.

ජයග්‍රාහකයා වෙත නවතම මෝටර් රථය පිරිනැමීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා විසින් සිදුකළ අතර එම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා සහභාගී විය.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

09-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන  අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් කෑගල්ල,මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.05 වන දින ඕක්-රේ ර...

විශේෂාංග පුවත්