සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

දකුණු ආසියාවේ ප්‍රථම ඩිජිටල් ලොතරැයිය DLB Sweep App හරහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

29-September-2020

එදා මෙදාතුර ලොතරැයි ඉතිහාසයෙහි දැවැන්තම තාක්ෂණික පියවර තබමින් ඉදිරියට ආ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ප්‍රථම ඩිජිටල් ලොතරැයිය වන  “සසිරි”  ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම අද  දින (2020.09.29) මුදල් අමාත්‍යංශ  ලේකම් එස්.ආර්.ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුකරන ලදී.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් මේ වන විට හදුන්වා දී ඇති DLB Sweep App හරහා අද සිට “සසිරි”  ඩිජිටල් ලොතරැයිපත  මිළදී ගැනීමට හැකියාව පවතින අතර ලග්න වාසනාව,සුපර් බෝල් සහ ශනිදා යන ලොතරැයිපත්ද එම App මගින් online ක්‍රමයට මිළදී ගැනීමේ හැකියාව පවතී.

 “සසිරි” ලොතරැයිය දකුණු ආසියාවේ ප්‍රථම ඩිජිටල් තාක්ෂණික ලොතරැයිපත වන අතර එය ඔන්ලයින් මාර්ගයෙන් මෙන්ම  මුද්‍රිත ලොතරැයියක් වශයෙන්ද ලබා ගත හැකි දෙමුහුන් ලොතරැයිපතකි.

“සසිරි” ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීමේ ප්‍රධාන අරමුණ පසුගිය කොරෝනා වසංගත සමයෙහි පිහිටවූ කොවිඩ් අරමුදල සදහා මූල්‍ය දායකත්වය සැපයීමයි . ඒ අනුව මෙම ලොතරැයිපත් අලෙවිය හරහා ලැබෙන්නාවූ ලාභයන් ජනාධිපති අරමුදලට බැරවෙන අතර ජනාධිපති අරමුදල හරහා එම මුදල් කොවිඩ් අරමුදල වෙත ප්‍රේෂණය කිරීමට යෝජිතය.

අද දින වෙළදපලට නිකුත් කරනු ලැබූ මෙම “සසිරි” ඩිජිටල් ලොතරැයිපතෙහි ප්‍රථම දිනුම් ඇදීම එළඹෙන ඔක්තෝබර් මස 14 වන දින සිදුකිරීමට නියමිත අතර එතැන් සිට සතියේ සෑම බදාදාවකම හා සෙනසුරාදා දිනයකම අදාළ දිනුම් ඇදීම් සිදුකරනු ලැබේ. එහිදී අංක තුනක් ගැළපීමෙන් ලක්ෂයේ දිනුම් අවස්ථා රැසක් සමගින් සෙසු ත්‍යාග රැසක්ද හිමි කර ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ඇත.

සසිරි ඩිජිටල් ලොතරැයිපත හරහා දිනුම් හිමිකර ගන්නා ජයග්‍රාහකයින්ට අදාළ ත්‍යාග මුදල් එම ජයග්‍රාහකයිගේ බැංකු ගිණුමට බැරවන ලෙස පරිගණක තාක්ෂණයෙන් සකස් කර ඇත.මුද්‍රිත ටිකට්පත් හරහා ජයග්‍රාහණය කරනු ලබන ත්‍යාග මුදල් සුපුරුදු පරිදි බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගෙන් හෝ ප්‍රධාන කාර්යාලයට පැමිණ ලබාගත හැකිය.

දැනට පවතින සාම්ප්‍රදායික ලොතරැයි දිනුම් ඇදීමේ ක්‍රමයන්ගෙන්ද ඉවත්ව නවතම ඩිජිටල් තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මෙහි දිනුම් ඇදීම් සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ කරයි.

ලොතරැයි වෙළදපලෙහි පෙරළිකාර නැවුම් අත්දැකිමක් සමගින් ඔබ අතරට එන මෙම සසිරි ඩිජිටල් ලොතරැයිපත මිළදී ගැනීමට ඔබත් අදම www.dlb.lk/apps යන ලින්ක් භාවිතා කර  ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයට හෝ ටැබ් යන්ත්‍රයට DLB Sweep App යෙදවුම භාගත කර ගෙන ඩිජිටල්කරණය වූ වාසනාව උරුම කර ගන්නා ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයිපත් මිළදී ගන්නා පාරිභෝගික මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලා සිටී.



ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හ...

විශේෂාංග පුවත්