ලොතරැයි අලෙවි කේෂත්‍රයට නව තාක්ෂණික අත්දැකීම් රැසක් එක් කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවත් නවමු පියවරක් ලෙස තම පාරිභෝගික මහත්ම මහත්මීන්ට ජංගම දුරකථනය හරහා කෙටි පණිවිඩයක් (SMS) මාර්ගයෙන් හෝ ඇමතුමක් (USSD) මාර්ගයෙන් ලොතරැයි මිළදී ගැනීමේ අවස්ථාව උදාකර දීමේ මුලික නියමු පියවර අද දින (2020.12.03) සිදුකරන ලදී.
ඩයලොග් සහ මොබිටෙල් දුරකතන සම්බන්ධතා භාවිතා කරනු ලබන පාරිභෝගිකයන් සදහා දැනට මෙලෙස ජංගම දුරකතනයෙන් ලොතරැයි මිළදී ගැනීම සිදුකළ හැකි අතර ඉදිරියේදී අනෙකුත් සියලුම දුරකතන සම්බන්ධතා හිමි පාරිභෝගිකයන් සදහා මෙම අවස්ථාව හිමිකර දීමට නියමිතය.
දෙසැම්බර් මස 15 වනදායින් පසුව ජංගම දුරකතනය හරහා ලොතරැයිපත් මිළදී ගැනීමේ මෙම අවස්ථාව උදාවන අතර එහිදී ඔබට අවශ්‍ය ලොතරැයිපත් කෙටි පණිවිඩයක් හෝ දුරකතන ඇමතුමක් මාර්ගයෙන් මිළදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇත.
දුරකතන ඇමතුමක් මාර්ගයෙන් (USSD) ලොතරැයිපත් මිළදී ගැනීම සදහා #611# ලෙස ඩයල් කළ යුතු අතර එහිදී ඔබ වෙත යොමුවන උපදෙස් පරිදි කටයුතු කිරීමෙන් ලොතරැයිපත් මිළදී ගත හැකිය.
ඔබ කෙටි පණිවිඩයක් (SMS) හරහා ලොතරැයිපත් මිළදී ගැනීමට අදහස් කරන්නේ නම් 611 ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ලැබෙන උපදෙස් පරිදි ඉදිරියට ගමන් කිරීමෙන් ඔබේ සිතැගි පරිදි ලොතරැයි මිළදී ගැනීමේ අවස්ථාව ඇත.
මෙම සේවාව එළිදැක්වීමේ අවස්ථාව සදහා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති එච්.ජී.සුමනසිංහ මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්නන් සහභාගී විය.
දිනෙන් දිනම ජයග්‍රාහකයින් රැසක් බිහි කරමින් ඉදිරියට යන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ලොතරැයි හරහා බිහිවූ සුපිරි ජයමලු ඇතුළුව, විසි ලක්ෂපතියන් සහ දස ලක්ෂපතියන් සඳහා චෙක්පත් ප්රදානය සහ ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා ද චෙක්පත් සහ ...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ශක්තියක් වන රට පුරා විහිදී සිටින අපගේ බෙදා හැරීමේ අලෙවි නියෝජිතවරුන් 2023 වසරේ දී ලබා දුන් දායකත්වය අගයමින් සහ 2024 වසරේ නව අළෙවිකරණ උපාය මාර්ග පිළිබඳ දැනුවත් කිරිම අරමුණු කර ගනිමින් “සංවර්ධන අභිමන් ජාතික සමුළුව - 2024” අති උත්කර්ෂව...