සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක්ට අගමැතිතුමන් අතින් චෙක්පත් පිරිනැමේ

09-January-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා ජයෝදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.01.07 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී. 

එහිදී “කෝටිපති කප්රුක” 652 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 87,991,625/- ක මුදල දිනාගත් අඹන්පොල කුමාර පතිරන්නැහැලාගේ සුනිල් මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කෙරුණි.එම වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කර තිබුණේ අඹන්පොල අලෙවි නියෝජිත යූ.ඩී.එල්.දිනේෂ් කුමාර මහතායි.

තවද ජයෝදා 1717 වන වාරයේ සුපිරි ජයමල්ල රු 57,138,276/- ක මුදල දිනාගත් ගල්ගමුව ඒ.ජී.බී.ජී.කොඩිතුවක්කු මහතාටද එහිදී අදාළ චෙක්පත ප්‍රදානය කරන ලදී. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ ගල්ගමුව අලෙවි නියෝජිත ටී.එම්.එස්.බී.මැණිකේ මහත්මියයි.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩයේ සභාපති අමිත ගමගේ මහතා ඇතුලු නිළධාරීන් සහභාගී විය.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්