සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක,සංවර්ධන වාසනාව හා ශනිදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස් දෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.03.12 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී.
එහිදී “කෝටිපති කප්රුක” 689 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 75,208,420/- ක මුදල දිනාගත් වංචාවල ප්‍රදේශයේ ආර්.එම්.ඒ.බණ්ඩාර මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කෙරුණි.එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ බද්දේගම අලෙවි නියෝජිත ඩබ්.ජේ.සී.දිනේෂ් මහතායි. එසේම “කෝටිපති කප්රුක” 687 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 80,903,270/- ක මුදල දිනාගත් පේරාදෙණිය ආර්.එම්.ඒ.එන්.විජේබණ්ඩාර මහතාටද අදාළ චෙක්පත ප්‍රදානය කෙරුණු අතර එම ලොතරැයිපත අලෙවි කර තිබුණේ ගලහ හන්දිය අලෙවි නියෝජිත ඩී.එම්.සිරිසෝම මහතායි.
තවද ශනිදා 3507 වන වාරයේ සුපිරි ජයමල්ල රු 42,416,959/- ක මුදල දිනාගත් ලුණුවිල ජී.පී.ඩී.ශාන්ති මහත්මියටද එහිදී අදාළ චෙක්පත ප්‍රදානය කරන ලදී. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ මාරවිල අලෙවි නියෝජිත ටී.එම්.ඩී.පී.පීරිස් මහතායි. එසේම ශනිදා 3543 වන වාරයේ රු.35,613,515 /- ක මුදල දිනාගත් පුස්සැල්ලාව ප්‍රදේශයේ එම්.බද්මිණි මහත්මියටද එහිදී චෙක්පත ප්‍රදානය කළ අතර ලොතරැයිපත අලෙවි කර තිබුණේ පිළිමතලාව කෝනේෂ්වරන් මහතායි.
සංවර්ධන වාසනාව 411 වන වාරයේ සුපිරි ජයමල්ල 14,039,192 ක මුදල දිනාගත් කහවත්ත එම්.ආනන්දරාජා මහතාටද චෙක්පත ප්‍රදානය කළ අතර එම ලොතරැයි පත අලෙවි කර තිබුණේ අටකලම්පන්න අලෙවි නියෝජිත ඩී.එච්.සුනිල් ගුණරත්න මහතායි.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩයේ සභාපති අමිත ගමගේ මහතා ඇතුලු නිළධාරීන් සහභාගී විය.
මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් උතුරු පළාතේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.26 වන දින යාපනය ටිල්කෝ හෝටල් පරිශ්‍රයේදී ...
උදාවූ නව වසරේ ප්‍රථම චෙක්පත් ප්රදානෝත්සවය 2025.01.21 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.