සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වාර්ෂිකව අඛණ්ඩව පවත්වනු ලබන දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත රුස්වීම් මාලාවේ 2021 වර්ෂයට අදාළ රුස්වීම 2021.03.29 වන දින පවත්වන ලදී. සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්මීන් මෙම අවස්ථාව සදහා සහභාගී වූ අතර ඔවුන් විසින් ළගාකරගත් අලෙවි ඉලක්ක හා ප්‍රගතියද එහිදී සමාලෝචනය කර ඉදිරිපත් කරන ලදී.
ඉදිරි අලෙවි සැලසුම් හා අලෙවි ප්‍රවර්ධන කටයුතු සදහා ප්‍රගුණ කළ යුතු මූලිකාංගයන්ද මෙහිදී සාකච්ජාවට බදුන් වූ අතර බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේද අදහස් හා යෝජනා සදහා එහිදී අවස්ථාව හිමිවිය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත ගමගේ මහතා,සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි ) චානක දොඩන්ගොඩගේ මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) කපිල ගමගේ මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (මුදල්) කසුන් ජයසූරිය මහතා ඇතුළු නිළධාරීන් සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් DLB සත්කාර යන තේමාව යටතේ අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වෛද්‍ය කදවුරු මාලාවේ පස්වන වෛද්‍ය කදවුර මහනුවර දිස්ත්‍රික්කය සදහා පසුගිය සැප්තැම්බර් 13 වන දින ක්‍රියාත්මක කරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයන "අභිමානී" වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන සහ අලෙවි කුටි ලබාදීමේ වැඩසටහන් මාලාවේ 2019 වර්ෂයේ සමාරම්භක වැඩසටහන උතුරු පළාත් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් අද දින (2019.09.08) ...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වසර විස්සක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන් අගය කරමින් ඔවුන් වෙත රන් පවුම බැගින් ලබා දීම 2019.08.28 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
අවුරුදු 36ක් පැරණි සංවර්ධන ලොතරැයි මණ්ඩලය ...