සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපර්බෝල් හා ලග්න වාසනාව යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් පස් දෙනෙක් සදහා චෙක්පත් ප්රදානය කිරීම 2021.03.30 වන දින ගරු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් සිදුකරන ලදී.
එහිදී “සුපර් බෝල්” 1403 වන වාරයේ සුපිරි ජයමල්ල රු.75,412,110 /- ක මුදල දිනාගත් කැකිරාව කේ.ජී.රොෂාන් මහතාට අදාළ චෙක්පත ප්රදානය කරන ලදී. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ දඹුල්ල අලෙවි නියෝජිත පී.එච්.එස්.රත්නවිභූෂණ මහතායි.
තවද “ලග්න වාසනාව” 3096 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 2,454,571/- ක මුදල දිනාගත් හිගුරාන ආර්.ආරියදාස මහතාට අදාළ චෙක්පත ප්රදානය කෙරුණු අතර එම වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කර තිබුණේ හිගුරාන අලෙවි නියෝජිත කේ.ඒ.එල්.ස්වර්ණකුමාර මහතායි.
“ලග්න වාසනාව” 3098 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,230,396 /- ක මුදල දිනාගත් කඩවත එච්.පී.කුසන්ත මහතාටද එහිදී අදාළ චෙක්පත ප්රදානය කරන ලදී. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ රන්මුතුලග අලෙවි නියෝජිත පී.ඒ.චන්ද්‍රසිරි මහතායි.
“ලග්න වාසනාව” 3089 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,347,887 /- ක මුදල දිනාගත් මහනුවර එච්.ජී.පීරිස් මහත්මියටද අදාළ චෙක්පත ප්රදානය කරන ලදී. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ බකමූණ අලෙවි නියෝජිත කේ.යූ.අයි.ලක්මාලි මහත්මියයි.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩයේ සභාපති අමිත ගමගේ මහතා ඇතුලු නිළධාරීන් සහභාගී විය.
උදා වූ නව වසරේ බලාපොරොත්තු රැසක් සමගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය කිරි උතුරයි!
2023 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සදහා පැවති සමාරම්භක උත්සවය ජනවාරි 02 වන සදුදා දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මැතිතුමන්ගේ සහ සාමාන්‍යාධිකාරී අනුර ජයර...
වව්නියාවේ අලෙවි නියෝජිත ජාලය දිරිමත් කරමින් වාලම්පුරි ලොතරැයිය ජනගත කෙරේ....
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මැතිතුමන්, සහකාර සාමාන්‍යාධිකාරි (විකුණුම්) සුනිල් ජයරත්න මහතා, සහකාර සාමාන්‍යාධිකාරි (විකුණුම්) චින්තක අයිලප්පෙරුම මහතා, කලාප කළමනාකරු අයි.ඩී.පී. කුමාරස...