ලග්න වාසනාව තුළින් එක පෙළට බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් තිදෙනෙක් සදහා චෙක්පත් ලබා දීම 2021.08.11 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශයේදී එහි සභාපති අනුෂ පැල්පිට මහතා අතින් සිදුවිය.
එහිදී 2021.07.19 දින පැවති ලග්න වාසනාව 3199 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 5,215,059/- ක මුදල දිනාගත් බිබිල ආර්.එම්.නිහාල් ගුණසේකර මහතාට අදාළ චෙක්පත පිරිනැමූ අතර එම චෙක්පත අලෙවි කොට තිබුණේ මොනරාගල අලෙවි නියෝජිත කේ.ඩබ්.ජී. රණසිංහ මහතා විසිනි.
තවද 2021.07.25 දින පැවති ලග්න වාසනාව 3205 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 2,840,357/- ක මුදල ජයග්‍රාහනය කළ බේරුවල ප්‍රදේශයේ ආර්.ඒ.පී.පෙරේරා මහත්මියටද එහිදී අදාළ චෙක්පත ලබාදුන් අතර එම ලොතරැයිපත අලෙවි කර තිබුණේ මග්ගොන අලෙවි නියෝජිත ඩබ්.ජී.සේනාරත්න මහතායි.
ලග්න වාසනාව 2021.07.27 දින පැවති 3207 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,180,521/- දිනා ගත් අතුරුගිරිය ප්‍රදේශයේ ඩී.ඩී.සී.ටී. තුෂාර මහත්මියටද ඇයට හිමි චෙක්පත එදින හිමිවූ අතර එම ලොතරැයිපත අලෙවි කර තිබුණේ ත්‍රිකුණාමලය අලෙවි නියෝජිත ඊ.ඒ.පී.උපාලි ධර්මරත්න මහතායි.
මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් උතුරු පළාතේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.26 වන දින යාපනය ටිල්කෝ හෝටල් පරිශ්‍රයේදී ...
උදාවූ නව වසරේ ප්‍රථම චෙක්පත් ප්රදානෝත්සවය 2025.01.21 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.