කෝටි 12 සුපිරි ජයමල්ලක් සහ අතිශය ආකර්ෂණීය නව ත්‍යාග රටාවක් සමග “කප්රුක” ලොතරැයිපත 2021 දෙසැම්බර් මස 02 වනදා වෙළදපළට හදුන්වා දීම සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් සිදුකරන ලදී.
වසර ගණනාවක් පුරා පාරිභෝගික ආකර්ෂණය නොමදව දිනාගත් කෝටිපති කප්රුක ලොතරැයිපත නව මුහුණුවරක් සමගින් “කප්රුක” ලෙස වෙළද පලට නිකුත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇති අතර එය ප්‍රථමයෙන් විශේෂ ලොතරැයි පතක් ලෙස වෙළදපලට හදුන්වාදී ඇත.
“කප්රුක” විශේෂ ලොතරැයිපත් සදහා අදාළ දිනුම් ඇදීම 2021 දෙසැම්බර් මස 30 වන දින සිදුකරනු ලබන අතර දෙසැම්බර් 31 වන දින සිට කප්රුක සාමාන්‍ය ලොතරැයිපතක් ලෙස දින හත පුරාම දිනුම් අදිනු ලබයි. ඒ අනුව දැනට සතියේ දින 7 ම දිනුම් ඇදිනු ලබන අද කෝටිපති,ලග්න වාසනා, ශනිදා,සුපර් බෝල් ලොතරැයිපත් වලට අමතරව නව “කප්රුක” ද ඔබට දිනපතාම වාසනාව උදාකරයි.
නව මුහුණුවරකින් “කප්රුක” ලෙස නිකුත් වන ටිකට්පතේ ජය අංක හතරත් ඉංග්‍රිසි අක්ෂරයටත් අමතරව සුපිරි අංකයක්ද තෝරාගනු ලබන අතර ඒ සියල්ලම ගැළපීමෙන් රු.කෝටි 12 කින් ආරම්භව ඉදිරියට යන සුපිරි කෝටිපති ජයමල්ල දිනාගැනීමේ හැකියාව ඇත.
ආකර්ෂණීය සෙසු ත්‍යාග රටාවකින් අලුත් වූ “කප්රුක” ලොතරැයිපතෙහි අංක හතර සහ ඉංග්‍රිසි අක්ෂරය ගැළපීමෙන් රුපියල් කෝටියක “කෝටිපති ජයමල්ල” දිනා ගත හැක. තවද අංක හතර හා සුපිරි අංකය ගැළපීමෙන් ලක්ෂ පනහක මිලියනපති ජයමල්ල දිනා ගැනීමටත් කප්රුක පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවේ. එයිනුත් නොනැවතී ඕනෑම අංක 04කට රුපියල් දස ලක්ෂයක්ද ඕනෑම අංක 3ක් හා ඉංග්‍රීසි අක්ෂරයට රුපියල් ලක්ෂයක්ද දිනාගැනීමේ හැකියාව ඇත. තවත් රුපියල් දෙදහස,දහස,සියය, විස්ස දක්වා වූ සෙසු ත්‍යාග කන්දරාවකටම හිමිකම් කීමේ හැකියාව ඇත.
තවද දෙසැම්බර් මස 30 දින පවත්වනු ලබන “ පවර් ප්ලේ ” විශේෂ දිනුම් ඇදීමේදීද එම ත්‍යාග වලට අමතරව ලක්ෂයේ මුදල් ත්‍යාග රුසක් දිනාගැනීමටද අවස්ථාව ඇත.
ලොතරැයි ඉතිහාසය අලුත් කරමින් අති දැවැන්ත වූ සුපිරි ජයමල්ලක් සමගින් දැවැන්ත සෙසු ත්‍යාගත් ඔබට හිමිකර දෙමින් සිතූ පැතූ සම්පත් ළගාකරන “කප්රුක” ලොතරැයියෙන් ඔබත් වාසනාව උරගා බලන්න.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පසුගිය මාස දෙකක කාලය ඇතුළත සිදුකළ දිනුම් ඇදීම් හරහා බිහිවූ ජයග්‍රාහකයින් අතරින් දස ලක්ෂයේ හා ඊට වැඩි දිනුම් ලබාගත් පිරිසකට අදාළ චෙක්පත් ප්රදානය කිරීම 2020.01.24 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය. &nbs...
ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙම ජනවාරි 19 වන දිනට 37 වන සංවත්සරය සමරනු ලබයි. ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් උත්තරීතර අරමුණු පෙරදැරිව 1983 වර්ෂයේ ජනවාරි 19 දින සමාරම්භ කරනු ලැබූ සංවර්ධන ලොතරැයි මධ්‍යස්ථානය එතැන් සිට අද දක්වා පසුකලාවූ වසර 37ක කාලය ඇතුළත පැමිණි සංදිස්ථානයන්...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය නොවැම්බර් මාසයේ අග සතියෙහි හා දෙසැම්බර් මුල් සති දෙක ඇතුළත බිහිකරන ලද ජයග්‍රාහකයින් සදහා අදාළ චෙක්පත් ලබාදීම 2019.12.30 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.
එහිදී ලග්න වාසනාව ලොතරැයි...