සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස අජිත් නාරගල මහතා පත්කෙරේ.

17-December-2021

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අභිනව සභාපතිවරයා ලෙස අජිත් නාරගල මහතා වැඩ භාරගැනීම අද දින සිදු විය. ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් වන අජිත් නාරගල මහතා ජාතික තරුණ සේවා සභාවේද මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දීර්ඝ කාලයක් සේවය කර ඇත. තවද, ඒ මහතා මුදල් අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකම විවිධ තනතුරු හොබවා ඇති අයෙකි.එසේම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේද අලෙවි ප්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති අජිත් නාරගල මහතා මෙරට ප්‍රමුඛ පෙලේ පෞද්ගලික සමාගමක් වන මෙට්‍රොපොලිටන් සමූහ ව්‍යාපාරයේද අ‍ලෙවි ප්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇත. එසේම ඒ මහතා ලක්ෂරි කෙයාරින් පෞද්ගලික ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂවරයාද වේ. 

අජිත් නාරගල මහතා කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ බාහිර කථිකාචාර්යවරයෙකු මෙන්ම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේද කළමනාකරණය පිලිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු වේ. ඔහු ශ්‍රි ලංකා මලල ක්‍රීඩා ආයතනයේ වර්තමාන ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයාය. එමෙන්ම Colombo Television ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කර ඇති අජිත් නාරගල මහතා මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කළමණාකරුවෙකි. 

ජාතික හා ජාත්‍යන්තර විශේෂ අවස්ථා කළමනාකරණයේ සුවිශේෂි හැකියාවක් ඇති ඔහු මෙරට තරුණ ව්‍යාපාරයන්හි නායකත්වය ගත් ක්‍රියාකාරිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ පැවැත් වූ ප්‍රධානතම ජාතික හා ජාත්‍යන්තර උළෙල ගණනාවකම ප්‍රධාන මෙහෙයුම් කළමණාකරුවෙකු ලෙසද  2013 පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සමුළුව, 2014 පැවැත් වූ ලොක් තරුණ සමුළුව එසේම 15 වන ආසියාතික කණිෂ්ඨ ක්‍රීඩා ශූරතාවලිය වැනි විශේෂ අවස්ථා ගණනාවක ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු ලෙස කටයුතු කර ඇත. තවද, ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ අංශ සමුළු, සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අයෙකි. විවිධ ක්ෂේත්‍ර ගණනාවකම වගකීම් හෙබ වූ අජිත් නාරගල මහතා ඉන්දියාවේ  මහත්මා ගාන්ධි විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකුද වේ.

 



ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හ...

විශේෂාංග පුවත්