කෝටි හතකට එහා ගිය සුපර් බෝල් දැවැන්ත සුපිරි ජයමල්ලේ හිමිකරුට හා ලග්න වාසනාවේ තවත් සුපිරි ජයග්‍රාහකයින් තිදෙනෙක්ට අදාළ චෙක්පත් ලබාදීම 2021.12.28 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රදානත්වයෙන් හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් සිදුවිය.
2021.12.17 දින පැවති සුපර් බෝල් 1596 වන වාරයේ සුපරි ජයමල්ල වූ රු.75,098,450/- ක මුදල දිනාගත් මාදිපොල ප්‍රදේශයේ එච්.එම්.එන්.ජයවික්‍රම මහතාට එහිදී අදාළ චෙක්පත පිරිනමන ලදී. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ මාතලේ අලෙවි නියෝජිත සුනිල් ආනන්ද මහතායි.
තවද ලග්න වාසනාව 3296 වන වාරයේ සුපිරි ජයමල්ල රු.3,142,392/- ක මුදල දිනාගත් පොල්ගහවෙල එස්. ඒ ආරියරත්න මහතාටද එහිදී චෙක්පත හිමිවිය. එම ලොතරැයිපත අලෙවි කර තිබුණේ පොල්ගහවෙල අලෙවි නියෝජිත කේ.ජී.එම්.එල්.සේනාරත්න මහතායි.
ලග්න වාසනාව 3306 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.3,761,510/- ක මුදල දිනාගත් පනිරෙන්ඩාව ප්‍රදේශයේ ආර්.පී.එම්.හේමන්ති මහත්මියටද තම ජයග්‍රාහී චෙක්පත හිමිවූ අතර එම ලොතරැයිපත අලෙවි කර තිබුණේ හලාවත අලෙවි නියෝජිත පී.ඒ.රාජකරුණා මහතායි.
ලග්න වාසනාවේම 3307 වන වාරයේ සුපිරි ජයමල්ල දිනූ ජයග්‍රාහකයා වූ වාද්දූව ප්‍රදේශයේ ඩබ්.ඩී.පී.පෙරේරා මහතාටද රු.2,000,000/- ක චෙක්පත හිමි වූ අතර එම ලොතරැයිපත අලෙවි කර තිබුණේ කළුතර අපගේ අලෙවි නියෝජිත ඩබ්.එස්.බෙනඩික් කුරුස් මහතායි.
එක ළග එක පෙළට බිහිවූ එම සුපිරි ජයග්‍රාහකයින් සදහා එලෙස චෙක්පත් පිරී නැමුණු අතර එළඹෙන වසරේත් සෑම ගම්මානයකම, නගරයකම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ජයග්‍රාහකයින් බිහිවණු දැකීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අපේක්ෂාවයි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ජාලය දිරිමත් කිරීම සඳහා සංවර්ධන අභිමන් 2022 මහනුවර හා මාතලේ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 ජනවාරි මස 29 වන දින කටුගස්තොට මහවැලි රීච් හෝටල් පරිශ්‍රයේ දී සාර්ථකව නිමාවිය.
මෙම අවස්ථාව සඳහා ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුම...
සම්ප්‍රදායික ලොතරැයි කලාව අතික්‍රමණය කරමින් නවීන තාක්ෂණයේ දිශානතියන් ඔස්සේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් DLB Sweep App වෙත ප්‍රථම වතාවට National ICT Awards , NBQSA 2021 සම්මාන උළෙලේදී "Retail and Distribution in Consumer Category " යටතේ රිදී සම්මානයක් හිමිවිය.මීට අමතරව...