2022 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සදහා පැවති සමාරම්භක උත්සවය ජනවාරි 03 වන සදුදා දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදුවිය.
නව වසර වෙනුවෙන් කිරි උතුරුවා රාජකාරී කටයුතු ආරම්භ කළ අතර 2022 වර්ෂය වඩාත් සාර්ථක එකක් කර ගැනීම සදහා සියලුම කාර්ම මණ්ඩලය අමතා අභිනව සභාපතිතුමන් හරවත් දේශනයක්ද පවත්වන ලදී. අභියෝගයන් මතින් නව වසර සදහා පැමිණි ගමන සේම ඉදිරියටත් ධෛර්යයෙන් එකාවන්ව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබාදෙමින් ගමන් කිරීමට ආරම්භය ලබා ගනිමුය යන ඉල්ලීමත්, උපදේශනයත් එතුමන් විසින් සිදුකරන ලදී.
තවද කොරෝනා උවදුරින් ආරක්ෂා වෙමින් රාජකාරී කටයුතු පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය උපදේශනයක්ද එදින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආරාධනයෙන් පැමිණි පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබද විශේෂඥ වෛද්‍ය බුද්ධික මහේෂ් මහතා විසින් සිදුකරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඔවුන් වෙත නව වසරේ ටිකට්පත් ප්රදානය කිරීමද සිදුවිය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් අත්වැල් බැද සිටින උතුර නැගෙනහිර වෙසෙන ලොතරැයි පාරිභෝගික මහත්ම මහත්මීන් වෙනුවෙන්ම වාසනාව උරුම කිරීමේ අරමුණින් වාළම්පුරි නමින් විශේෂ ලොතරැයිපතක් හදුන්වා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කලා.
ලංකාවේ සිව්දෙසට වාසනාවේ පණිවිඩය රැගෙන යන අප උතුරු නැගෙනහිර ජනත...
ලොතරැයි වෙළදපලේ දැනට පවතින අති දැවැන්තම සුපිරි කෝටිපති ජයමල්ල රුගෙන ඔබේ සිහින වලටත් වඩා ඉහළින් ඔබගේ ජයග්‍රාහණය රදවා තබන කප්රුක ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීමක් එලඹෙන සැප්තැම්බර් 29 දින පැවැත්වේ.
“පවර් ප්ලේ” ලෙස නම් කර ඇති මෙම විශේෂ දිනුම් ඇදීමේ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම ...