සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවය කර මේ වන විට මියගොස් සිටින සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් පුණ්‍යාණුමෝදනා කිරීමේ අරමුණින් මහරගම අපේක්ෂා රෝහල වෙත අත්‍යාවශ්‍ය ඖෂධ ලබාදීම 2022.01.06 වන දින සිදුකරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සොෆ්ට් හාට් පදනම හා කාර්ය මණ්ඩලයේ එකමුතු දායකත්වයෙන් මෙම දානමය පින්කම සිදුකරන ලදී.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු නිළධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සමාජිකයින් සහභාගී විය.
මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් උතුරු පළාතේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.26 වන දින යාපනය ටිල්කෝ හෝටල් පරිශ්‍රයේදී ...
උදාවූ නව වසරේ ප්‍රථම චෙක්පත් ප්රදානෝත්සවය 2025.01.21 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.