සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක්ට හා තවත් ලක්ෂපති ජයග්‍රාහකයින් රැසකට අදාළ චෙක්පත් ලබාදීම 2022.01.12 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා අතින් සිදුවිය.
එහිදී 2021.12.12 දින පැවති කෝටිපති කප්රුක 777 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.87,991,255/- ක මුදල දිනාගත් බෝපත්තලාව ප්‍රදේශයේ ආර්.එම්.ජී.ඩී.රත්නායක මහත්මියට අදාළ චෙක්පත පිරිනමන ලදී. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ පේරාදෙණිය උද්භිද උද්‍යානය ඉදිරිපිට අලෙවි නියෝජිත ටී.එච්.එම්.පී.කේ.සෙනරත් බණ්ඩාර මහතායි.
තවද අද කෝටිපති 1432 වන වාරයේ සුපිරි ජයමල්ල රු.62,453,588/- ක මුදල දිනාගත් මොණරාගල ටී.ඩබ්.කේ.ඩී.ප්‍රියංකර මහතාටද එහිදී චෙක්පත හිමිවිය. එම ලොතරැයිපත අලෙවි කර තිබුණේ මොණරාගල අලෙවි නියෝජිත එස්.කේ.සමරසිංහ මහතායි.
එම කෝටිපති සුපිරි ජයග්‍රාහකයින් දෙදෙනාට අමතරව ලග්න වාසනාව 3314 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.3,136,191/- ක මුදල දිනාගත් පොල්පිතිගම ප්‍රදේශයේ ආර්.එ්.පී.කුමාරි මහත්මියටද තම ජයග්‍රාහී චෙක්පත හිමිවූ අතර එම ලොතරැයිපත අලෙවි කර තිබුණේ තලකොලවැව අලෙවි නියෝජිත එම්.ඒ.ඩී.ජේ.තුෂාර මහතායි.
ලග්න වාසනාවේම 3317 වන වාරයේ සුපිරි ජයමල්ල දිනූ ජයග්‍රාහකයා වූ ගම්පල ටී.ඩී.සුමනසේන මහතාටද රු.2,373,378/- ක චෙක්පත හිමි වූ අතර එම ලොතරැයිපත අලෙවි කර තිබුණේ ගම්පොල අපගේ අලෙවි නියෝජිත ඩී.එම්.ජයරුවන් මහතායි.
එම සුපිරි ජයග්රාහකයින්ට අමතරව තවත් දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 17 දෙනෙක් සදහා එදිනම චෙක්පත් පිරිනමන ලදී.
එක ළග එක පෙළට බිහිවූ එම සුපිරි ජයග්‍රාහකයින් සදහා එලෙස චෙක්පත් පිරී නැමුණු අතර ඉදිරියේදීත් සෑම ගම්මානයකම, නගරයකම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ජයග්‍රාහකයින් බිහිවණු දැකීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අපේක්ෂාවයි.
ඔබේ ජීවිතය වාසනාවෙන් එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිරන්තරයෙන් මෙරට විවිධ ආගමික සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික අවශ්‍යතාවයන් වෙනුවෙන්ද දායකත්වය ලබාදීමට කටයුතු කරන ආයතනයකි.
ඔබේ පුංචි රුපියල් විස්ස වෙනුවෙන් වැඩිම වටිනාකමක් ලබාදෙමින් සිදුකරන ලබන එම අනුග්‍රාහක දායකත්වයන් අනුව යමින් ප...
අද කෝටිපති ලොතරැයියේ 728 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 8 85 42 040 ක මුදල දිනාගත් ගත් ඔරුබැදිසියඹලාව ප්‍රදේශයේ එස්.ජී. හේමතිලක මහතාට සහ ලග්න වාසනාව ලොතරැයියෙන් අගෝස්තු මස බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් හය දෙනෙක්ට අදාළ චෙක්පත් ප්රදානය 2019.09.18 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.
...සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් DLB සත්කාර යන තේමාව යටතේ අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වෛද්‍ය කදවුරු මාලාවේ පස්වන වෛද්‍ය කදවුර මහනුවර දිස්ත්‍රික්කය සදහා පසුගිය සැප්තැම්බර් 13 වන දින ක්‍රියාත්මක කරන ලදී.