සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අනුරාධපුර අලෙවි නියෝජිත හමුව සාර්ථකව අවසන් වේ

15-January-2022

සංවර්ධන ලොතරැයි මණ්ඩලය දීප ව්‍යාප්තව සිදුකිරීමට බලාපොරොත්තු වන "සංවර්ධන අභිමන්" වැඩසටහනට අදාළ අනුරාධපුර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022.01.15 දින අනුරාධපුර හෙරිටේජ් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් විය.
ඒ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.
ඉඩම් අමාත්‍ය ගරු එස්.එම්.චන්ද්‍රසේන මැතිතුමා,සමෘද්ධි,ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය,ස්වයං රුකියා,ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්.කුමාරසිරි මැතිතුමා ,අනුරාධපුර නගරාධිපති එච්.පී.සෝමදාස මහතා,මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු එම්.එච්.ඒ.එස්.කේ.පෙරේරා මහතා ඇතුළු අනුරාධපුර ප්‍රාදේශීය සභා සභාපතිවරුද මෙම අවස්ථාව සදහා සහභාගී විය.
2022 වර්ෂය වඩාත් සාර්ථක ඵලදායි එකක් කරගනිමින් ලොතරැයි අලෙවියෙහි සාධනීය වර්ධනයක් සමග නව ගමනක් යන්නට අලෙවි නියෝජිත ජාලය බලගැන්වීම මෙම රැස්වීම් පැවැත්වීමේ අරමුණයි.
අලෙවි ප්‍රවර්ධන සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ගැනීමට බලාපොරොත්තු වන නව පියවරයන් පිළිබදවත්,අලෙවි ඉලක්කයන් හා නව දිශානතියන් පිළිබඳවත් එහිදී සාකච්ඡා විය. එසේම බෙදාහැරීමේ අලෙවි නියෝජිතයන්ගේ හා අලෙවි නියෝජිතයන්ගේ අදහස් හා ගැටලු යෝජනා වලටද එහිදී අවස්ථාව හිමිවූ අතර වැඩිම අලෙවියක් කල පිරිස ඇගයීමත් ඔවුන්ට සහතිකපත් හා ත්‍යාග ලබාදීමත් සිදුවිය.



ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හ...

විශේෂාංග පුවත්