සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ "සංවර්ධන අභිමන්" වැඩසටහනට අදාළ කෑගල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022.01.16 දින කෑගල්ල ස්ලීක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා,සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාව සදහා සහභාගී විය.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමා,හිටපු අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මැතිතුමා ,පාර්ලිමේන්තු මන්ත්රීනී/දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය,දැරනියගල ප්‍රාදේසිය සභාවේ සභාපති ඒ.බී.ඩබ්.ලක්ෂ්මන් රාජකරුණා මහතා යන අය මෙම අවස්ථාව සදහා සහභාගි විය.
2022 වර්ෂයේ අලෙවි ප්‍රවර්ධනය උදෙසා නව යෝජනා,වැඩසටහන් ඇතුළු ක්රමෝපායන් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින් හා අලෙවි නියෝජිතයින් අගයමින් දිරිගැන්වීමද එහිදී සිදුවිය.
උදාවූ නව වසරේ ප්‍රථම චෙක්පත් ප්රදානෝත්සවය 2025.01.21 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.
මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් කෑගල්ල,මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.05 වන දින ඕක්-රේ ර...